Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති හමු වෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනාවකට අනුව මෙරට සංචාරයක නිරත ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් පසුගිය දා (14) යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක යුද්ධ හමුදා මුලස්ථානයේ දී නිල වශයෙන් හමු විය.

යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේ දී සංචාරක ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ වර්ණවත් සම්මාන ආචාර පෙළපාළියක් පිරිනමනු ලැබීය.

මෙම සුහද හමුවේ දී, ජෙනරාල් බිෆින් රාවට් සහ ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අතර ද්විපාර්ශ්වීක වශයෙන් දෙරට හමුදාවන්ට වැදගත් වන කරුණු කිහිපයක් පිළිබඳ අදහස් හුවමාරු කරගත්හ.

ශ්‍රි ලංකා යුද්ධ හමුදාව ජාතිය ගොඩනැගීමේ කාර්යභාරයේ නිරතවන ආකාරය පිළිබඳව දැනගැනීමට ඉන්දියානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමන් උනන්දුවක් දැක්වීය. ඒ අනුව, ජාතිය ගොඩනැංවීම කාර්යභාර්ය සඳහා හැකියාවන් පදනම් කරගත් වෘත්තීමය යුද්ධ හමුදාවක් නිර්මාණය කිරීමට ගෝලීය වශයෙන් පිළිගත් ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහ විවිධ පුහුණු කේෂේත්‍ර රටවල විශේෂඥ දැනුම පාදක කරගන්නා ආකාරය පැහැදිලි කළේය.

ජාතිය ගොඩනැගිමේ කාර්යභාර්ය සඳහා අවශ්‍ය තරම් ශ්‍රම බළකායක් ඇති කරන්නේ කෙසේදැයි යුද්ධ හමුදාධිපතිතුමන් පැහැදිලි කරමින් පාබල සේනාංකයන්හි භට පිරිස් පුහුණුව ලැබු ක්ෂේත්‍ර පිළිබඳ නොතකා ඉදිකිරීම්, අලුත්වැඩියා, නැවත ගොඩනැගීම් හා යටිතල පහසුකම් සංවර්ධනය යන ක්ෂේත්‍ර ඔස්සේ ජාතිය ගොඩනැගීමේ කාර්යභාර්යෙහි නිරතව සිටින අතර නැඟෙනහිර සහ උතුරු මැද පළාත්වල අඛණ්ඩව සිදුකරන වැව් ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව ද උදාහරණ ලෙස පෙන්වාදුන්නේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();