Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කුවේට්හි දී හෘදයාබාධයකින් මියගිය ඌරුබොක්කේ පියසීලිට ලක්ෂ 15ක් වන්දි

Author(s): 
මහින්ද අලුත්ගෙදර

කුවේට්හි ගෘහ සේවිකාවක ලෙස සේවය කරමින් සිටිය දී හෘදයාබාධයකින් මරණයට පත්වූ මාතර, ඌරුබොක්ක, ගල්ගොඩහේන ප්‍රදේශයේ පදිංචිව සිටි කරදනාගේ පියසීලි මහත්මිය වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය වන්දි මුදල් ප්‍රදානය කරයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් අදාළ වන්දි මුදල පෙරේදා (14) පිරිනැමූ අතර ඒ අනුව අදාළ වන්දි මුදල විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී කේ. ඕ.ඩී.ඩී.ප්‍රනාන්දු මහතා අතින් පිරිනැමීය.

එම කාන්තාව ගෘහ සේවයට ගොස් අවුරුදු 1යි මාස 8ක් සේවය කර ඇති අතර, ඉන් පසුව හෘදයාබාධය වැළඳී තිබේ. එම කාන්තාව වෙනුවෙන් කාර්යාංශයේ රක්ෂණාවරණයෙන් රුපියල් 500,000ක මුදලක් ද, විදේශීය රක්ෂණාවරණය මඟින් රුපියල් 1,018,779 ක මුදලක් වන්දි වශයෙන් හිමිවී තිබේ.

එම මුදලින් අඩක් ඇයගේ සැමියාට ද අනෙක් අඩ සම සමව ඇයගේ දරුවන් දෙදෙනාටත් බෙදාදුන් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මෙම කාන්තාව විදේශ රැකියාව සඳහා යාමට පෙර කාර්යාංශයේ ලියාපදිංචිවීම මඟින් මෙම වන්දි මුදල හිමි වී තිබෙන අතර විදේශ රැකියාව සඳහා යාමට පෙර අනිවාර්යෙන්ම කාර්යාංශයේ ලියාපදිංචි විය යුතු බවද එමඟින් සිය ආරක්ෂාව තහවුරු කරගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද එම කාර්යාංශය කියා සිටී.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සමාජ සංවර්ධන) සෙනරත් යාපා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සැලසුම්) මාධව දේශප්‍රිය මහත්වරුන් ද මේ අවස්ථාවට එක්වී සිටියහ.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();