Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බීජ මාෆියාව ගැන සොයා බලන ගමන් ඉදිරියේදී බීජ නිෂ්පාදනයට යොමුවීම බලාපොරොත්තුවයි

රාහුල් සමන්ත හෙට්ටි ආරච්චි අම්බලන්තොට සමූහ

ශ්‍රී ලංකාවේ බීජ නිෂ්පාදනය කරන්න ඉදිරියේ දී බලාපොරොත්තු වන බවත් ඒ වගේම ලංකාවේ පවතිනවායැයි පවසන බීජ මාෆියාව ගැනත් සොයා බලන්න කටයුතු කරන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

ඇමැති මහින්ද අමරවීර මේ බව කියා සිටියේ පසුගිය 12වැනිදා පෙරවරුවේ හම්බන්තොට බටඅත කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.

අපිට අවශ්‍ය වී ටික අපේ රටේ නිෂ්පාදනය වෙනවා. එළවළු සහ පලතුරු සඳහා වැඩි දියුණු කළ බීජ වැඩි ප්‍රමාණයක් විදේශ රටවලින් ගේනවා. අපි ඒ සඳහා සැලසුම් කර තිබෙනවා, ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරන්න. ඒ සඳහා දැනටමත් බංග්ලාදේශ සමාගමක් ඒකාබද්ධ ව්‍යාපෘතියක් විදියට ඉදිරිපත් වෙලා තිබෙන බවද ඇමැතිවරයා මෙහිදී අවධාරණය කළේය.

අපි බලාපොරොත්තු වෙන්නේ අපිට අවශ්‍ය ආහාර මේ රටේ නිෂ්පාදනය කරගන්නත්, විදේශ වෙළෙඳ පොළට අපේ එළවළු පලතුරු සහ සහල් විදේශ රටවලට යැවීම පිළිබඳව අවශ්‍ය පියවර ගන්නත් බලාපොරොත්තු වෙනවා. මේ දිනවල නියඟයක් තිබුණත් ඉදිරියේ දී වැස්ස ලැබුණොත් සහල් අතිරික්තයක් ඇතිවෙන්න පුළුවන්. එය විදේශ රටවලට යැවීමට බලාපොරොත්තු වෙනව‍ා. ඒකට ප්‍රධාන බාධාවක් තමයි මේ රසායනික පොහොර සහ කෘමි නාශක පාවිච්චි කරපු එළවළු, පලතුරු විදේශ රටවලට ගන්න තියෙන අපහසුතාව. අපි ඒ පිළිබඳව සැලකිලිමත් වෙමින් කාබනික වගාවට ගොවි ජනතාව හුරු කරන්නත් එම බෝග විදේශ ගත කරන්නත් වැඩපිළිවෙළක් සකස් කරන බවද කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා කියා සිටියේය .

පක්ෂයේ ලේකම්වරයාත් සන්ධානයේ ලේකම්වරයාත් ක්‍රියාත්මක වෙන්නේ සභාපතිතුමාගේ නායකත්වය යටතේ. සමහර අය කියනවා අපි වෙන පක්ෂවලට යනවා කියලා. මම ඉතාමත් පැහැදිලිව කියනවා අපේ දේශපාලනය වෙනස් වෙන්නේ නැහැ. අපි අලියගෙ පස්සෙ යන්නෙත් නැහැ .පොහොට්ටුව පස්සෙ යන්නෙත් නැහැ. අපි ඉන්නෙ තනිකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ පමණයි.

තෙල් මිල වැඩිවීම සියලු දෙනාට බලපානවා. නමුත් අපි මේ තත්ත්වය තේරුම්ගන්න ඕනෑ. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල දෙගුණයකින් පමණ වැඩි වෙලා තියෙනවා පසුගිය කාලයේ. රජයට ඒක දරාගන්න පුළුවන්කමකුත් නෑ. 2014 තිබුණට වඩා ඉතාමත් අඩු මිලකට තවමත් ඉන්ධන සැපයීම කරන්නේ. මේක රජයට කැ‍මැත්තෙන් ගන්න වුණු තීන්දුවක් නෙවෙයි. නමුත් මේක නොකර ඉස්සරහට යන්න බැරි තත්ත්වයක් තිබුණා. ධීවර ජනතාවට ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.ඒ අයට ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව ඇමැති මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් කීය. 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();