Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කරාපිටිය රෝහලේ හඳුනා නොගත් වෛරසයක්?

ලංකින්ද නානායක්කාර - ඉමදුව සමුහ

ගාල්ල කරාපිටිය රෝහලේ ළමා රෝග වාට්ටුවක හදුනා නොගත් වෛරසයක නිසා පසුගිය දින කිහිපය තුළ කුඩා දරුවන් 05 දෙනෙකු මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ මේ හේතුව නිසා අසනීප වු තවත් දරුවන් කිහිප දෙනෙකු මේ වන විටත් අදාළ වාට්ටු තුළ සිටින බවයි.

කෙසේ නමුත් අප මේ පිළිබද ගාල්ල කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතාගෙන් විමසීමේ දී ඔහු මෙසේ පැවැසීය,

ඔව් පසුගිය දින කිහිපය තුළ දරුවන් 05 දෙනෙකු මියගොස් තියනවා. අපි මුලින් හිතුවේ මේක බැක්ටීරියාවක් කියලා. නමුත් වෛරස් එකක් බවයි දැනට සොයාගෙන තියෙන්නේ. කෙසේ නමුත් මෙහි නමක් තාම අපිට සොයා ගන්න බැරි වෙලා තියනවා. අදත් මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා කිහිපයක් පැවැත්වුවා. අදාළ දරුවන්ගේ ලේ සාම්පල් මේ වන විටත් අවශ්‍ය කටයුතු සදහා කොළඹ යවා තියනවා. තවත් දරුවන් කිහිප දෙනෙකු සිටිනවා අසනීප තත්වයේ පසුවන. දැනට මට මේ සම්බන්ධයෙන් කියන්න පුළුවන් මෙපමණයි. අපි තවම මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරනවා. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();