Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇෆ්ගනිස්තානයේ දෙවැනි බෝම්බ ප්‍රහාරයේ ඉලක්කය ජනමාධ්‍යවේදීන්

ඇෆ්ගනිස්තානයේ දී එල්ල වූ දෙවෙනි ප්‍රහාරය එල්ල කර ඇත්තේ ජනමාධ්‍යවේදීන් ඉලක්ක කර ගෙන බව ඒ. එෆ්. පී පුවත් ආයතනය නිකුත් කළ ට්විටර් පණිවිඩයක සඳහන් වේ. මාධ්‍යවේදියෙකු ලෙස හැඳින්වූ මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් පුපුරවා ගන්නා ලද බෝම්බයෙන් මිය ගිය මාධ්‍ය වේදීන් අතර ඒ. එෆ්. පී සේවයේ ප්‍රධාන ඡායාරූප ශිල්පී ෂාහ් මරී ද වන බව එම පුවත් සේවය වාර්තා කරයි. මෙහිදී බෝම්බ දෙකක් එල්ල කර ඇති අතර ශෂ්දරක් දිස්ත්‍රික්කයේ සිදුවූ පළමුවෙනි බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇත්තේ මෝටර් බයිසිකලයක පැමිණි පුද්ගලයෙකු විසිනි. එම ප්‍රහාරයත් සමඟ ජනමාධ්‍යවේදීන් සහ තවත් පිරිසක් සිද්ධිය වූ ස්ථානයට පැමිණ ඇති අතර, මිනිත්තු පහළොවකට පමණ පසු තවත් පිපිරුමක් සිදු වී ඇත.

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර බෝම්බ පිපිරීමකින් ජනමාධ්‍යවේදීන් කණ්ඩායමක් ඇතුළු 25 දෙනෙකුට ආසන්න පිරිසක් මියගොස් මිය ගියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();