Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අන්තර්ජාල නිදහස සහ ටෙලිග්‍රෑම් නිල තහනමට එරෙහිව රුසියාවේ උද්ඝෝෂණ

අන්තර්ජාල නිදහස සහ ටෙලිග්‍රෑම් නිල තහනමට එරෙහිව හත්දහසකට අධික පිරිසක් රුසියාවේ, මොස්කව් නුවර දී උද්ඝෝෂණයක නිරත වූහ.ඔවුන් පවසන්නේ එම තහනම හේතුවෙන් කෙටි පණිවිඩ පමණක් නොව ගූගල් පවා අවහිර වී ඇති බවයි.

මේ පිළිබඳ රුසියානු බුද්ධි ප්‍රධානී පවසන්නේ ත්‍රස්තවාදීන් සහ අපරාධකරුවන් යවන ලද පණිවිව විමර්ශනය කිරීමට මේ පියවර ගත් බවයි. රුසියානු එෆ්. එස්. බී ඔත්තු සේවයට ටෙලිග්‍රෑම් තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කිරීම නිසා මේ අවහිර කිරීම සිදු කෙරිණ‍.

අන්තර් ජාල තහනම් හේතුවෙන් තම ව්‍යාපාර සම්බන්ධ කටයුතු ඇණ හිට ඇති බවත් දෛනික රාජකාරී කටයුතු අඩාල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ සම්බන්ධයෙන් නිශ්ශබ්ද විය යුතු නැති බවත්, රුසියාව නිදහස් රටක් විය යුතු බවත් ඔවුහු පවසති.

ජනාධිපති ව්ලැද්මිර් පුටින් යටතේ ප්‍රධාන රූපවාහිනී නාලිකා සහ අනෙකුත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන රජයේ පාලනයට ගෙන ඇති අතර සමාජ ජාල භාවිතයේ අවහිරතාව පිළිබඳව විරුද්ධ පක්ෂයේ හඬ මේ වන විට තීව්‍ර වී තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();