Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මැයි 5 දා සිට දකුණු කොරියාවේ ‍වේලාවට උතුරු කොරියා වේලාව සකස් කරනවා

ජාතික සංහිඳියාව සහ එක්සත් බව වෙනුවෙන් ප්‍රථම ප්‍රායෝගික පියවර තබමින් මැයි 05 වැනිදා සිට දකුණු කොරියාවේ වේලාවට උතුරු කොරියානු වේලාව සකස් කරන බව උතුරු කොරියාව නිවේදනය කරයි. දකුණු කොරියාව සමඟ ඇති කර ගත් සබඳතා තවදුරටත් සාමාන්‍ය කිරීම මෙහි අරමුණ බව උතුරු කොරියානු රාජ්‍ය පුවත් සේවය පවසයි. උතුරු කොරියාව සිය වේලාව දකුණු කොරියානු වේලාවට වඩා විනාඩි 30ක් පසු පසට ගනු ලැබුවේ 2015 වසරේදීය.

පසුගියදා දකුණු කොරියානු ජනාධිපති මූන් ජෙ-යින් සමඟ පැවැති ඓතිහාසික සමුළුවේදී ප්යොන්ග්යැන්ග් සහ සෝල් ලෙස වේලාවන් දෙකක් සහිත ඔරලෝසු දක්නට ලැබීම වේදනාවක් වූ බව උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් පවසයි.

කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ඨික ආයුධවලින් මුක්ත කිරීමට ඓතිහාසික හමුවකින් අනතුරුව උතුරු සහ දකුණු කොරියානු නායකයෝ එකඟ වූ අතර එය සිදු කරන්නේ කෙසේ දැයි යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. කෙසේ වෙතත් ඉතා ඉක්මණින් මේ කලාපය වෙත පැමිණෙන ලෙස විද්වතුන් හා මාධ්‍යවේදීන්ට ආරාධනා කරන බව කිම් පවසයි.

සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගැනීමේ උතුරු කොරියානු නායකයාගේ හදිසි උනන්දුව පිළිබඳ බොහෝ විශ්ලේෂකයෝ සැක පහළ කරන අතර චීනය විසින් රජයේ ඉහළ පෙළේ රාජතන්‍ත්‍රික කණ්ඩායමක් එළැඹෙන බ්‍රහස්පතින්දා දිනයේ දී උතුරු කොරියාවට යැවීමට නියමිත බව වාර්තා වේ.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();