බ්‍රිතාන්‍ය රජ පවුලට එක් වූ නවතම සාමාජිකයාගේ නම උච්ඡාරණය කරන්නේ "ලුවිස්" ලෙස නොව "ලුවී" ලෙස බව කේට් මිඩ්ල්ටන් අනාවරණය කරයි. ඒ ඇයගේ විවාහ මංගලෝත්සවයේ දී විලියම් කුමරු ගේ නම උච්ඡාරණය කරමිනි. එහිදී ඇය ඔහුගේ නම ලෙස පවසන්නේ විලියම් ආර්තර් ෆිලිප් ලූවී ලෙසයි. ඒ අනුව අප්‍රියෙල් 23 වැනිදා උපත ලද විලියම්- කේට් යුවළගේ තෙවැනි පුත්‍රයාගේ නම ලුවී ආතර් චාර්ල්ස් බව නැවතත් මාධ්‍ය මගින් වාර්තා කළේය. ඉංග්‍රීසි භාෂාවෙන් ලුවී යන නම ලිවීමේදී කියැවෙන්නේ ලුවිස් යනුවෙන් බැවින් බොහෝ දෙනා නම නිවැරදිව උච්ඡාරණය නොකරන බවක් පෙනෙන්නට තිබිණි. ලෙවිස්, ලුවිස් හා ලූවී යන නම් අතරින් නිවැරදි නාමය කුමක් දැයි ප්‍රශ්න කළ පිරිස වෙනුවෙන් පිළිතුරක් ලෙස එය "ලූවී" බව කේට් විසින් සිය මංගල ප්රතිඥාවේ දී කැමරාවක් ඉදිරියේ සිදු කළ උච්ඡාරණය මාධ්‍ය මගින් නැවතත් සිහිපත් කර තිබේ.
0 Comments