Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සිරියාවට එල්ල කළ ප්‍රහාරයක දී රසායනික අවියක් ලෙස ක්ලීන් භාවිත කරලා

සිරියාවේ සරාකෙබ් නගරවලින් හා ඒ අවටින් ලබා ගත් පිරිසර නියැදිවලින් එම ප්‍රදේශයට එල්ල කළ ප්‍රහාරයක දී රසායනික අවියක් ලෙස ක්ලීන් භාවිත කර ඇති බව තහවුරු වූ බව රසායනික අවි තහනම් කිරීම සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය ප්‍රකාශ කරයි. ඒ අනුව සරාකෙබ් නගරයට ඉකුත් පෙබරවාරියේ දී ප්‍රහාර එල්ල කරන අතර සිලින්ඩරවලින් ක්ලෝරීන් වායුව මුදා හැර ඇති බව එම සංවිධානය නිවේදනය කරයි.

පෙබරවාරි 04 වැනි දා එල්ල වූ මෙම ප්‍රහාරයේ දී විස වායු භාවිත ක‍ළ බවට චෝදනා එල්ල වීමත් සමඟ ඒ පිළිබඳ විමර්ශන ආරම්භ වූ අතර එහිදී රසායනික අවි භාවිත කළේද යන්න පිරික්සීම සඳහා රසායනික අවි තහනම් කිරීම සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ කණ්ඩායමක් සිරියාවේ සංචාරය කළේය.

අවසානයේ දී පරිසර නියැදිවලින් සරාකෙබ් නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල අසාමාන්‍ය ලෙස ක්ලෝරීන් ඇති බව හේග් නුවර පදනම් කරගනිමින් ක්‍රියාත්මක මෙම සංවිධානය කහවුරු කරයි. එහෙත් එම විස වායු භාවිත කළේ කුමන පාර්ශ්වයකින් ද යන්න ඔවුන් සඳහන් කර නැත .

මේ අතර පසුගිය දා සිරියාවේ ඩූමා නගරයට ද මෙවැනිම ප්‍රහාරයක් එල්ල වූයෙන් ඊට සරීන් සහ ක්ලෝරීන් විස වායු යොදාගත් බවට සිරියානු රජයේ හමුදාවලට චෝදනා එල්ල වී තිබේ. ඒ පිළිබඳව ද රසායනික අවි තහනම් කිරීම සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය විසින් පරීක්ෂණ පවත්වයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();