ඉන්දියාවේ කර්ණාටක රජය පිහිටුවීමට ප්‍රාන්ත ආණ්ඩුකාර වජුභායි වාලා, භාරතීය ජනතා පක්ෂයට ආරාධනා කිරීම හේතුවෙන් ප්‍රාන්ත දේශපාලන පක්ෂ අතර දැඩි නොසන්සුන්තාවක් උද්ගත වී තිබේ. මෙය ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදය පරාජය කිරීමක් ලෙස රාහුල් ගාන්ධි විසින් ටිවිටර් සටහනක් තබමින් පවසයි. භාරතීය ජනතා පක්ෂය ප්‍රාන්ත මැතිවරණයෙන් තනි පක්ෂයක් ලෙස වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් වුවත්, ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය ආසන 113 ක බහුතරය ඔවුන් සතු නොවීම එයට හේතුවයි.
ආසන 116 ක බහුතරයක් සහිත තමන්ට ප්‍රාන්ත රජය පිහිටුවීමට අවස්ථාව ලබා නොදීමෙන් ආණ්ඩුකාරවරයා ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියාකර ඇති බව ජනතා දාල් පක්ෂය සමඟ සන්ධානගත වූ කොංග්‍රස් පක්ෂය චෝදනා කරයි. ප්‍රාන්ත රජයේ බහුතර බලය තමන් සතු බව පෙන්වීමට භාරතීය ජනතා පක්ෂයට දින 15ක කාලයක් ලබාදෙන බව ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පැවසීය.
මෙය නීති විරෝධි ක්‍රියාවක් බව පැවසූ කොංග්‍රස් පක්ෂය ඊට එරෙහිව මධ්‍යම රාත්‍රියේ පෙත්සමක් ගොනු කළ අතර එම නිසා අලුයම එකට ශ්‍රේෂ්ඨාධිකරණය විවෘත කිරීමට ඉන්දීය අගවිනිසුරු දීපක් මිශ්‍රා එකඟ විය. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඔස්සේ එම පෙත්සම විභාගයට ගැනීමෙන් පසු ආණ්ඩුකාරවරයාගේ තීරණයට ඒරෙහිව යාමට නොහැකි බැවින්, භාරතීය ජනතා පක්ෂ අපේක්ෂක බී.එස්. යෙද්යුරප්පාගේ දිවුරුම්දීම වැළැක්වීමට තමන්ට නොහැකි බව මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.


0 Comments