කෑන්ස් සිනමා උළෙල සඳහා ඓශ්වර්යා රායි සැරසී සිටින ඇඳුම නිමවීමට පැය තුන් දහසක් ගත වූ බව ඇඳුම් නිර්මාණ ශිල්පී මයිකල් සින්කෝ අනාවරණය කරයි. එය දිනවලින් ගණනය කරන්නේ නම් නොකඩවා වැඩ කරන දින 125ක් බව ඔහු වැඩි දුරටත් පවසයි.
එය සම්පූර්ණයෙන්ම ස්වරොව්ස්කි පළිඟු සහ ප්‍රංශ වර්ණ ඵලකවලින් වසා ඇති අතර පාරජම්බුලවලින් යුක්ත මැදියම් නිල් සහ රතු නූල් වලින් වැඩ තමා ඇත. මෙය මුළින්ම පළිඟු වලින් සරසා සින්කෝ විසින් ස්වරොව්ස්කි ප්‍රදර්ශනයකට ඉදිරිපත් කළ අතර ඓශ්වර්යා එය තමන්ගේ කර ගැනීමට වඩාත් සහය වූ බව නිර්මාණ කරු පවසයි. ඒ සඳහා ඇය සහ ඇයගේ කණ්ඩායම සමග ඉතා සමීපව කටයුතු කළ බවත් ඊට කෑන්ස් සිනමා උළෙලේ දී ලද ප්‍රතිචාර අනුව කොතරම් නිර්මාණශීලි සහ ආකර්ෂණීය ද යන්න තහවුරු වූ බවත් ඔහු පවසයි.


0 Comments