Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මැලේසියාවේ හිටපු අගමැති නජිබ්ගේ නිවස පොලිස් පරීක්ෂාවට

මැලේසියානු මහ මැතිවරණයෙන් පරාජයට පත් හිටපු අගමැති නජිබ් රසාක් ගේ නිවස එරට පොලීසිය විසින් පරීක්ෂාවට ලක් කර තිබේ. මහ මැතිවරණය අවසන්ව සතියක් ඉක්ම යද්දී ඔහුගේ නිවස අවට පොලිස් වාහන සැරිසරනු දක්නට ලැබුණ බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. ජනතාව, පොලිස් නිලධාරීන්, මාධ්‍යවේදීන් සහ නජිබ් පාක්ෂිකයන් ද ඒ අවට රැස්ව සිටින බව ද එම මාධ්‍ය සඳහන් කරයි. පොලීසිය නිවස තුළට ඇතුළු වූයේ නජිබ් යාච්ඤා සඳහා පල්ලියට ගොස් ආපසු පැමිණි පසු බව ද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් අනාවරණය කරයි. මැලේසියාවේ නව අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් මීට පෙර ප්‍රකාශ කළේ අදාළ පාර්ශවයන්ට එරෙහිව නැවතත් වංචා දූෂණ විමර්ශන නැවත ආරම්භ කරන බවයි.

කෙසේ වෙතත් තමන් වෙත එල්ල වන චෝදනා සියල්ල නජිබ් රසාක් විසින් ප්‍රතික්ෂේප කරයි. එහෙත් පසුගිය සති අන්තයේ දී නව රජය විසින් ඔහුගේ විදෙස් ගමන් තහනම් කළේය. ඒ නජිබ් සහ බිරිඳ නිවාඩුවක් සඳහා රටින් පිට වීමට උත්සාහ දැරූ අවස්ථාවේදී ය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();