Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොල්කටා පිල අවසන් වටයට

අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ 54 වැනි තරගයේදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන සන්රයිසස් හයිද්‍රාබාද් පිල කඩුලු 5කින් පරාජය කිරීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත් විය.

මේ ජය සමගින් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබූ තෙවැනි කණ්ඩායම බවට කොල්කටා පිල පත්විය. මීට පෙර ප්‍රසාද ලකුණු සටහනේ පළමු හා දෙවැනි ස්ථානවල පසුවන සන්රයිසස් හයිද්‍රාබාද් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් සමත් විය.

හයිද්‍රාබාද් පිල සිය තරග 14 න් තරග 9ක් ජයගත් අතර චෙන්නායි පිලට තව එක් තරගයක් ඉතිරිව තිබියදී තරග 8ක් ජයගෙන තිබේ.

අවසන් වටයට කණ්ඩායම් 4ක් පමණක් සුදුසුකම් ලබන බැවින් මුම්බායි ඉන්දියන්ස්, රාජස්ථාන් රෝයල්ස් සහ කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම් තුන අතර සිවුවැනි ස්ථාන දිනා ගැනීමේ සටනක් නිර්මාණය වී තිබේ.

මේ වනවිට රාජස්ථාන් රෝයල් පිල තරග 14න් 7ක් ජයගෙන සිවුවැනි ස්ථානයේ පසුවන අතර තරග 6 බැගින් ජයගෙන ඇති මුම්බායි ඉන්දියන්ස් පිලට සහ කිංග්ස් ලෙවන් පන්ජාබ් පිලට එක් තරගයක් බැගින් ඉතිරිව තිබේ. හයිද්‍රාබාද් හිදී පැවැති 54 වැනි තරගයේ පළමුව පන්දුවට පහරදුන් සත්කාරකයෝ ලකුණු 172ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය කොල්කටා පිල පන්දු 2ක් ඉතිරිව තිබියදී ජය හිමිකර ගත්තේ කඩුලු 5ක් දැවී තිබියදීය.

කොල්කටා පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන් ක්‍රිස් ලයන් පන්දු 43කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 55ක් රැස් කළේය. ඔහු තරගයේ වීරයා ලෙසද නම් කෙරිණි. රොබින් උතප්පා පන්දු 34කින් ලකුණු 45ක්, සුනිල් නරේන් පන්දු 10කින් වේගවත් ලකුණු 29ක් සහ නායක දිනේෂ් කාර්තික් ලකුණු 26ක් ජයග්‍රාහී ඉනිමට එක් කළහ. ශිකර් ධවාන් ලකුණු 50ක් රැස්කරමින් පළමුව පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();