ගැසට් නිවේදනයක් මගින් අහෝසි කොට තිබූ ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමය නැවැත සක්‍රීය කොට වහාම ක්‍රියාත්මක වන පරිදි නිලවරණය පැවැත්වීමට ක්‍රීඩා ඇමැති අධිනීතීඥ ෆයිසර් මුස්තාපා මහතා තීරණය කරයි. ඒ අනුව ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමය විසුරුවා හැරීම උදෙසා මෙයට කලින් නිකුත් කළ ගැසට් නිවේදනය අද සිට අවලංගු කොට තවත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.
දුනු විදීමේ සංගමයේ නිලධාරීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කැඳවා ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව පාර්ශ්ව දෙකක් අතර තිබූ මතභේද අවසන් කිරීමට හැකිවූ නිසා නිලවරණය කඩිනමින් පැවැත්වීමේ පසුබිම සකස්වී ඇත. නිලවරණය පැවැත්වීමේ වගකීම හිටපු නිලධාරී පිරිසට පැවැරීම සම්බන්ධ ගැසට් නිවේදනය මුද්‍රණය කිරීමට යවා ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශ ප්‍රකාශකයකු ‘දිනමිණ’ට පැවැසීය. ක්‍රීඩා පනත ප්‍රකාරව සියලු නිලතල අහෝසි කොට තාවකාලික කාර්යක්‍රමයක් වශයෙන් දුනු විදීමේ සංගමයේ කටයුතු තවදුරටත් පවත්වාගෙන යෑමේ නිසි බලධරයා ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තාම්න්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ පත් කිරීම ඒ අනුව අහෝසිවී යනු ඇත. ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමයේ නිලවරණයට අදාළ නාම යෝජනා ස්වාධීන නිලවරණ කමිටුවක් යටතේ ඉක්මණින් කැඳවන ලෙස ක්‍රීඩා ඇමැතිවරයා දුනු විදීමේ සංගමයේ නිලධාරීන්ට දැනුම්දී ඇති අතර ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය ඒ වෙනුවෙන් ලැබේ.
දුනු විදීමේ සංගමයේ නිලධාරීන් පිරිසකට එරෙහිව ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් පසුගිය කාලයේ විවිධ චෝදනා එල්ල කළ අතර එම චෝදනා පිළිබඳ පරීක්ෂණයක් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පැවැත්විණි. සංගමයේ නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියා කළාපය හේතුවෙන් දුනු විදීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කටයුතු අඩාලවීම ඇතුළු චෝදනා රැසක් ජාතික මට්ටමේ ක්‍රීඩක පිරිස ඉදිරිපත් කර තිබුණි.
දුනු විදීමේ සංගමයේ ලේකම්වරියගේ පත්වීම නීත්‍යානුකූල නොවන බවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබී තිබූ අතර තනතුරට පත්වූ පසුව අනෙකුත් පාර්ශ්ව සමග ලේකම්වරිය සහයෝගයෙන් කටයුතු නොකළ බවට චෝදනා ගොණුවී තිබුණි.
එහෙත් පැවැති චෝදනාවලට අදාල පාර්ශ්ව කැඳවා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා කළ සාකච්ඡාවකදී දින 40ක් ඇතුළත දුනු විදීමේ නිලවරණය පැවැත්වීමට සියලු දෙනා එකඟතාව පළකොට තිබේ.


0 Comments