Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්දියා යුද්ධ හමුදා ප්‍රධානී බිෆින් ශ්‍රී ලංකා ගුවන් හමුදාපති හමු වෙයි

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දිය යුද්ධ හමුදා ප්‍රධානි ජෙනරල් බිෆින් රාවටි හා ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයමිපති අතර නිල හමුව ගුවන් හමුදා මුලස්ථානයේදි අද (18) උදේ සිදුවිය.

ගුවන් හමුදා මුලස්ථාන පරිශ්‍රයට පැමිණි ඉන්දිය යුද්ධ හමුදා ප්‍රධානි ජෙනරල් බිෆින් රාවටි ගුවන් හමුදා ප්‍රධාන බඳවා ගැනීම් නිලධාරී එයාර් කොමොඩෝර් ඒ. ජේ .අමරසිංහ මහතා පිළිගත් අතර ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය ආචාර පෙළපාලියක් ද පවත්වන ලදි.

මෙම හමුවේ දී දෙරටේ ආරක්‍ෂක තත්ත්වය පිළිබඳ කරුණු රැසක් සාකච්ඡා කරන ලද අතර ඉන්දිය යුද්ධ හමුදා ප්‍රධානි ජෙනරල් බිෆින් රාවටි හා ශි‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයමිපති අතර හමුවීම සිහි ගැන්වීම පිණිස විශේෂ සමරු තිළිණ හුවමාරුවක්ද සිදු වුණි. මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරින්ද සහභාගි වුහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();