Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නිවාස අහිමි පවුල්වලට නිවාස දීමේ රජයේ වැඩපිළි­‍ෙවළ කඩිනමින්

නිවාස අහිමි පවුල් සඳහා නිවාස ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු ප්‍රතිලාභීන් හඳුනා ගැනීමත්, ඒ සඳහා අවශ්‍ය ඉඩම් හඳුනාගැනීමත් කඩිනමින් සිදු කරන්නැයි ස්වදේශ කටයුතු අැමැති වජිර අබේවර්ධන මහතා අද (17) සියළුම දිසාපතිවරුන්ට උපදෙස් දුන්නේය.

අැමැතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අද ආරම්භ වූ දිසාපති සමුළුවේ දී ය. දිසාපති සමුළුව පෙරේදා (17) සහ ඊයේ (18) එම ආයතනයේ දී පැවැත්වේ.

ස්වදේශ කටයුතු අැමැති වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ දිසාපති සමුළුවට අද (17) නිවාස හා ඉදිකිරීම් අැමැති සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගී වූයේය.

එහි දී අැමැති සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ උදාගම් 2500ක් ඉදිකිරීමට තම අමාත්‍යාංශය සැළසුම් කැර ඇති බවයි. මේ හේතුවෙන් සෑම දිනකම උදාගම් තුනක වැඩ ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බැවින් ඒ ඒ දිස්ත්‍රික්කයන්හි අවශ්‍ය ඉඩම් කඩිනමින් හඳුනාගෙන නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයට දැනුම් දෙන ලෙසත් නිවාස ලැබිය යුතු ප්‍රතිලාභීන් ද හඳුනාගෙන දන්වන ලෙසත් අැමැති සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය.

ස්වදේශ කටයුතු අැමැති වජිර අබේවර්ධන මහතා-

නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මකවන උදා ගම් ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ඉඩම් හඳුනාගෙන ඒ සඳහා කඩිනමින් අවස්ථාව ලබා දීම ඉතාමත් වැදගත් වෙනවා. නමුත් අපි දන්නවා ඇතැම් දිස්ත්‍රික්යන් හි නිවාස සඳහා ඉඩම් තෝරා ගැනීමේ ගැටලුකාරී තත්ත්වයන් පවතිනවා. ඇතැම් දිස්ත්‍රික්කයක රජයේ ඉඩම් වන භූමි ලෙස නම් කරලා. තවත් දිස්ත්‍රික්කයක මේ සඳහා සුදුසු ඉඩම් තිබෙන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සතුව. ඉතින් මේ ඉඩම් කඩිනමින් හඳුනාගෙන ඒවා ඉකමණින් පවරා ගැනීමට කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. එ් වගේම නිවාස හිමිවිය යුතු අඩු ආදායම් ලාභී, නිවාස නොමැති ප්‍රතිලාභීන් හඳුනාගැනීමත් ඉක්මණින් කරන්න ඕනෑ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();