Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආහාර හා පෝෂණවේදීන්ගේ සංගමයේ වාර්ෂික සමුළුව සුව ඇමැතිගේ ප්‍රධානත්වයෙන්

ආහාර හා පෝෂණවේදීන්ගේ සංගමයේ සිවුවැනි වාර්ෂික සමුළුව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අැමැති දොස්තර රාජිත සේනාරත්න මහතා ගේ ප්‍රධානත්වයෙන් හිල්ටන් රෙසිඩෙන්සිස් හි දී පසුගිය දා පැවැත්විණ.

මෙවර ආහාර හා පෝෂණවේදීන්ගේ සංගමයේ වාර්ෂික සමුළුවේ තේමාව වුයේ, විධිමත් නව පෝෂණ ක්‍රමවේදයන් ඔස්සේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීමයි. මෙහිදී බෝ නොවන රෝග අවම කිරීම පිළිබඳ විශේෂ අවධානය යොමු කෙළේය.

සමුළුවේ ප්‍රධාන දේශනය මහාචාර්ය ටි. වර්ෂා මහත්මිය ද ආරාධිත දේශනය විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා ද සිදු කෙළේය.

මෙවර සමුළුව සෞඛ්‍ය පරිපාලන නිලධාරින්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් වෘත්තියවේදීන්ගේ සංගම් නියෝජිතයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා සාමාජිකයින් ගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.

ශ්‍රී ලංකාව තුළ පවතින පෝෂණවේදීන්ගේ බලවත් අවශ්‍යතාවය හා ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශ යටතට බඳවා ගැනීම සම්බන්ධව මෙහිදී සෞඛ්‍ය අැමැති රාජිත සේනාරත්න මහතාගේ අවධානයට යොමු විය.

ශ්‍රී ලංකා ආහාර හා පෝෂණවේදීන්ගේ සංගමය අන්තර්ජාතික ආහාර හා පෝෂණවේදීන්ගේ සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීම ද මේ අවස්ථාවේ දී සමරනු ලැබීය .

ක්‍රිසන්ති විතාරණ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();