Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මම කවදත් ශ්‍රී ලංකා තේවලට ඉතා කැමැතියි

ඉරාන ආධ්‍යාත්මික නායක අල් කමේනි ශ්‍රී ලංකා ජනපතිට කියයි

තමා කවදත් ශ්‍රී ලංකාවේ තේවලට ඉතා කැමැත්තක් දක්වන බව ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ පෙරේදා (13)පැවසිය.

ඉරානයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි අතර හමුවක් (13) පස්වරුවේ ටෙහෙරාන් නුවරදී පැවැත්විණු අවස්ථාවේදී මේ බව සඳහන් විණි.

මෙහිදී ඉරාන ආධ්‍යාත්මික නායකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෘදයාංගම ලෙස පිළිගනු ලැබීය. අතීතයේ පටන් පවතින ශ්‍රී ලංකා- ඉරාන සබඳතා සවිමත්ව ඉදිරියට ගෙනයාමේ වැදගත්කම මෙහිදී පෙන්වාදුන් ඉරාන ආධ්‍යාත්මික නායකයා දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙන්ම ජනතාව අතර සබඳතා ද වැඩිදියුණු කර ගැනීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

රටවල් දෙකම භූගෝලීය වශයෙන් වැදගත් ස්ථානවලට පිහිටා තිබෙන අතර, ඒ අනුව ඉදිරි දියුණුවට රටවල් දෙකටම ඇති ශක්‍යතාවයන් උපරිම ලෙස භාවිතයට ගැනීමේ වැදගත්කම ද එතුමා පෙන්වා දෙනු ලැබීය.

දෙරටේම ජනතාවගේ සිතුම් පැතුම්වල සමානතා පවතින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවති සුහද කතාබහේදී තමාට අවබෝධ වූ බව ද ඉරාන අධ්‍යාත්මික නායකයා සඳහන් කළේය.

ඒ අනුව දෙරෙටේ සබඳතා ශක්තිමත් කර ගනිමින් සහෝදර රාජ්‍යයන් ලෙස ඉදිරියට යාමේ හැකියාව පෙන්වා දුන් ඉරාන ආධ්‍යාත්මික නායකයා ඊයේ දින දෙරට අතර අත්සන් තැබුණු නව අවබෝධතා ගිවිසුම් සක්‍රියව ඉදිරියට ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා අධ්‍යාත්මික නායකයකු වශයෙන් එතුමා ඉටුකරන මෙහෙය ඇගයීමට ලක් කළේය. බෞද්ධ දර්ශනය මත පදනම් වූ සමාජයක් ශ්‍රී ලංකාවේ පවතින බවත්, ආගමික දර්ශනයන් තුළින් සමාජය සුවපත් කළ හැකි බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.

ඉරානයේ තාක්ෂණික දියුණුව ද මෙහිදී ඇගයීමට ලක් කළ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධනය සඳහා එම අත්දැකීම් හිමිවනු ඇති බවට ද විශ්වාසය පළ කළේය. ඉරානයේ රාජ්‍ය සංචාරයක් සඳහා තමා වෙත ආරාධනා කිරීම සහ එහිදී දැක්වූ හෘදයාංගම පිළිගැනීම සහ ආගන්තුක සත්කාර පිළිබඳ ජනාධිපතිතුමා මෙහිදී ඉරාන අධ්‍යාත්මික නායකයා වෙත සිය ස්තූතිය පිරිනැමීය. මේ අතර ඉරානයේ ටෙහෙරාන් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් ද (13) පස්වරුවේ ජනාධිපතිතුමා හමුවිය. ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ මෙහිදී කරුණු පැහැදිළි කළ ජනාධිපතිතුමා ඔවුන්ගේ ද තොරතුරු විමසමින් සුහද කථා බහක නිරත විය.

විද්වතුන්, වෘත්තියවේදින්, විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටී අතර ඔවුන් ඉතා ගෞරවයෙන් යුතුව ජනාධිපතිතුම පිළිගනු ලැබීය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();