ධීවර කාර්මිකයන් සඳහා වූ ඉන්ධන සහනාධාරය මෙම 18 දා සිට ක්‍රියාත්මක වන අතර බහුදින යාත්‍රා සහ එක්දින යාත්‍රා භාවිතා කරන ධීවර කාර්මිකයන්ටද ඉන්ධන සහනාධාරය ලබා දීම සදහා වූ කැබිනට් පත්‍රිකාවක් අද (15) දින අමාත්‍ය මණ්ඩලය වෙත තමන් ඉදිරිපත් කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථීක කටයුතු ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා කියයි.
ඉන්ධන මිල ඉහළ යාම නිසා ,භූමිතෙල් සහ ඩීසල් සහනාධාරය ධීවර කාර්මිකයන්ට ලබා දීමට වැය වන මුදල බිලියන 05ක් ලෙස ඇස්තමේන්තු කර ඇතැයිද ඇමැතිවරයා අවධාරණය කරයි.
පිටත එන්ජිම සවිකරන ලද පාරම්පරික ධීවර යාත්‍රා සඳහා භූමිතෙල් සහනාධාරය ලබා දීමට වැය වන මුදල රුපියල් මිලියන 349 කි. පිටත එන්ජිම සවිකරන ලද ෆයිබර් ග්ලාස් යාත්‍රා සඳහා භුමිතෙල් සහනාධාරය ලබා දීමට වැය වන මුදල රුපියල්මිලියන 3368 කි.මේ සඳහා ඇස්තමේන්තු ගත මුළු මුදල රුපියල් මිලියන 3718 කි.
බහුදින ධීවර යාත්‍රා සදහා ඩීසල් සහනාධාරය ලෙස ලබා දීමට වැය වන මුදල රුපියල් මිලියන 1154 කි.එක් දින ධීවර යාත්‍රා සඳහා සහනාධාරය ලෙස ලබා දීමට වැය වන මුදල රුපියල් මිලියන 140 කි.මේ සඳහා ඇස්තමේන්තු ගත මුළු මුදල රුපියල් මිලියන1295 කි.වැයවන සමස්ත මුදල රුපියල් මිලියන 5013.5 කි.
ඊයේ(14) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථීක කටයුතු ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා මෙම කරුණු අවධාරණය කළේය.
ඉන්ධන මිල ඉහළ ගියද ධීවරයින් සඳහා ඉන්ධන සහනාධාරය අඛණ්ඩව ලබා දීමට රජය තීරණය කර තිබියදීත් ඇතැම් පිරිස් පාරට බැස උද්ඝෝෂණය කිරීම ඉතා අසාධාරණ බවද ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මෙම උද්ඝෝෂකයන් පවසන්නේ ඉන්ධන මිල පහත හෙලන්නට යැයි වුවද ඉන් ධීවරයින් නියෝජනය නොවන බවක් පෙනනෙන්නට ඇති බවත් පවසන ඇමැතිවරයා ඉන්ධන සහනාධාර මුවාවෙන් බොහෝ ධනපතියන් ,කොම්පැනිකරුවන් , සිදු කරන ඉන්ධන අවභාවිතයන්ට මේ අය උල්පන්දම් දෙන බවද කීය.
පසුගිය රජය සමයේ පැවැති ඉන්ධන මිලට සාපේක්ෂව මේ වන විටද ඉන්ධන මිල පවතින්නේ ඒ කාලයට වඩා අඩුවෙන් බවද පෙන්වා දුන් ඇමැතිවරයා පැවැසුවේ ඉන්ධන පමණක් නොව ඒ කාලයට වඩා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ,ගෑස් ඇතුළු ද්‍රව්‍ය රැසක් තවමත් ඉතා අඩු මිල ගණන් යටතේ පවතින බවයි.
'ඉන්ධන අවභාවිතය වළක්වා ගැනීම අපේ ප්‍රධාන ඉලක්කයයි.මේ සඳහා අප තෙල් සංස්ථාවට යෝජනාවක්ගෙන එන්නේ මේ සහනාධාර ලෙස ලබා දෙන ඉන්ධනවලට වෙනත් වර්ණයක් යොදන ලෙසයි. එවිට ඒවා අවභාවිත කරන්න තිබෙන ඉඩ ප්‍රස්ථා අවමයි. ධීවරයින්ට ඉන්ධන සහනාධාරය ලබා දීමේ යාන්ත්‍රණයේ යම් යම් දෝෂ තිබෙනවා. ඒ හිටපු ධීවර ඇමැතිවරයාගේ වරදක් නිසා නොවේ. මේ සම්බන්ධව ක්‍රියා කරන නිලධාරින්ටත් මේ දෝෂ හඳුනාගන්නට පාලනය කරන්නට අපහසුවී තිබෙනවා.
පසුගිය දිනවල ඉන්ධන සහනාධාරය සම්බන්ධයෙන් සිදු කළ උද්ඝෝෂණවල සිටි පොහො අය පෙනී සිටියේ ධීවරයන් වෙනුවෙන්ද කියන එක ප්‍රශ්නයක්, එක්තරා දේශපාලන පක්ෂයක නියෝජිතයන්, එකම අකුරු රටාවක් තිබෙන පෝස්ටර් අරගෙන ජනතාව උසි ගන්වලා දියව් වරෙව් කියාගෙන කෑගසනවා. මේවායින් මේ අයට ලකුණු වැටෙනවාද කියන එක ප්‍රශ්නයක්. ඇතැම් අය මේවගේ අවස්ථාවකදී ටයර් පුච්චලා කෑගහලා පොඩි ෆන් එකක් ගන්නවා . මේ අය දන්නවා මොනතරම් කෑ ගැහුවත් , උද්ඝෝෂණය කරත් පසුගිය රජය කාලයේ වගේ මරන්නේ වෙඩි තියන්නේ නෑ කියන එක . යහපාලන රජයේ මේ හොඳ ගතියෙන් ඔවුන් උපරිම ප්‍රයෝජන ගන්නවා. මම ධීවර ජනතාවට වගකීමෙන් කියන්නේ ඉන්ධන සහනාධාරය ඔබට නොකඩවාම හිමිවනවා. ඒ ගැන රජය වගකීමෙන් කටයුතු කරනවා.යැයිද මෙහිදී ඇමැතිවරයා අවධාරණය කළේය.
මෙ අවස්ථාව ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති අධිනීතිඥ උදාර විජයමුණි සොයිසා මහතාද එක්ව සිටියේය.


0 Comments