Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියරට ඇ.ඩො. බිලියනයක්

 මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර සඳහා ඇමරිකන් ඩොලර් බිලියන 1ක මුදලක් ලබාදීමට මෙරට චීන තානාපතිවරයා ඊයේ (14) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමෙන් පසු පොරොන්දුවී ඇත.

චීන එක්සිම් බැංකුව මඟින් මෙම ණයමුදල ලබාදීමට නිර්දේශ කර ඇති බව චීන තානාපති වරයා දැනුම් දී ඇත. ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් පරිපාලන හා නීතිමය කටයුතු කඩිනම් කරන ලෙසට තානාපතිවරයා ඉල්ලා සිටී.

හම්බන්තොට හා කොළඹ වරාය ව්‍යාපෘති පිළිබඳවද මෙහිදී අගමැතිවරයා හා චීන තානාපතිවරයා වැඩිදුරටත් සාකච්ඡා කර ඇත.

හම්බන්තොට වරාය සඳහා ආයෝජකයින් ගෙන්වා ගැනීමට උසස් නිෂ්පාදන කරා ආයතන ගෙන්වා ගැනීමටත් දිරිගන්වන බව චීන තානාපතිවරයා පවසා සිටී.

කොළඹ හා හම්බන්තොට වරාය ව්‍යාපෘති දෙක සාර්ථකව ඉදිරියට යාමේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ එංජිම බවට එය පත්වනු ඇතැයිද චීන තානාපතිවරයා කීය.

චීන ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම කඩිනම් කිරීමට සාකච්ඡාකරන ලෙසද චීන තානාපතිවරයා අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.

චීන ආධාර යටතේ සිදුකරන ජල ව්‍යාපෘති පිළිබඳවද සාකච්ඡා කෙරිණි. හම්බන්තොට වරායට ලැබෙන තුන්වන අදියරේ මුදල් ජුනි 09 වැනිදා ලැබෙන බවද චීන තානාපතිවරයා කීය.

එම මුදල් සමඟ ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඉහළ යනු ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();