Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දකුණේ ස්වසන රෝගයට දහසකට වඩා ප්‍රතිකාර අරන්

Author(s): 
ගාල්ල උතුර සමූහ - දික්වැල්ලේ තිලකරත්න

මේ වන විට දකුණේ පැතිර යන ස්වසන රෝගයට ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 500කට ආසන්න ප්‍රමාණයක් මාතර දිස්ත්‍රික්කයෙන් 300ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් රෝගීන් 300ක් පමණ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගත් බවට වාර්තා වී තිබෙනවා යැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා පැවැසීය.

ගාල්ලේ පැවැති මාධ්‍ය හමුවක දී (17) විජේසූරිය මහතා මේ බව කීය.

විජේසූරිය මහතා මෙසේ ද කීවේය. මේ රෝගය ඉතා විශාල වශයෙන් කුඩා දරුවන්ට සහ පාසල් යන දරුවන්ට වැළඳීමේ අවදානමක් තිබෙනවා. මේ පිළිබඳ චක්‍රලේඛයක් මගින් විදුහල්පතිවරුන් දැනුවත් කර ඇති අතර, මවුපියන් ද දැනුවත් කර තිබෙනවා.

දරුවන් ලැබීමට සිටින ගැබිනි මවුවරුන්ටත් රෝගය වැළඳීමේ අවදානමක් ඇති බැවින් එවැනි මවකට උණ වැළඳී පළමු දිනයේම රෝහල් ගත වන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.

ස්වසන රෝගයක් වශයෙන් ඉන්ප්ලුවෙන්සා රෝගය පැතිර යන බවට ප්‍රචාරයක් පවතිනව. ඒ අතර අපි පරීක්ෂා කර බැලුව අපගේ ශික්ෂණ රෝහල්වලත් අනෙකුත් රෝහල්වලත් මේ රෝගයේ ව්‍යාප්තිය පිළිබඳ. කෙසේ වෙතත් ගිය අප්‍රේල් මාසයත් මේ මැයි මාසයත් ගත්විට වෙනත් වර්ෂවලට වඩා ඒ රෝගීන් වාර්තාවීම වැඩි වෙලා තිබෙනව. නමුත් අපිට මේ රෝගීන් සියලු දෙනාම ඉන්ප්ලුවෙන්සා රෝගීන් කියල සොයා ගැනීමට ප්‍රමාණවත් දත්ත නැහැ.

අපි යවපු සාම්පල පරීක්ෂා කර බැලීමේ දී එහි ප්‍රතිඵලවලින් එතරම් ප්‍රමාණයක් සනාථ වී නැහැ. නමුත් මේ පැමිණෙන රෝගීන්ගෙන් අපට සනාථ වී තිබෙනව යම්කිසි ප්‍රතිශතයක් ඉන්ප්ලුවෙන්සා රෝගීනුත්, ඇඩිනෝ වයිරසය නිසාත් රෙස්පොරේටස්සිසිටියුත් වයිරසය නිසාත් නියමුකොකල් බැක්ටීරියාව මගිනුත් රෝගය පැතිර යන බවට සොයාගෙන තිබෙනවා.

පෙර වර්ෂ හා සසඳා බැලීමේ දී මේ වර්ෂයේ රෝගීන් වැඩිවීමක් දක්නට ලැබෙනව. රෝගය මැඬ පැවැත්වීම සඳහා ශික්ෂණ මූලික දිස්ත්‍රික් රෝහල් සියල්ලකටම අවශ්‍ය ඖෂධ රෝගීන් පරීක්ෂා කිරීමට අවශ්‍ය පහසුකම් රෝගීන්ට අවශ්‍ය නේවාසික පහසුකම් සලසා දී තිබෙනවා. මේ රෝගීන් අනෙක් රෝගීන්ගෙන් වෙන් කර තැබීමට අපි රෝහල් බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

රෝගය වළක්වා ගැනීම වැදගත්ම දෙයයි. ඒ සඳහා මහජනතාව දැනුවත්කර තිබෙනවා. විශේෂයෙන් අනවශ්‍ය පරිදි ජනතාව ගැවසෙන ස්ථානවලට යන්න එපා.

පොදු ප්‍රවාහන සේවාවල දී දුම්රිය බස්රථවල ගමන් කිරීමේ දී ප්‍රවේසම් විය යුතුයි. තමන්ගේ පෞද්ගලික ජීවිතවල දී කහිනවිට කිවිසුම් යන විට ලේන්සුවක් භාවිත කිරීම හෝ තම බාහුවෙන් මුඛය සහ නාසය ආවරණය කර ගැනීමට උපදෙස් දෙනවා. මොකද කහිනවිට පිටවන කිඹිසි බිදිති මගින් රෝගය බෝවීමට පුළුවන්. තමන්ගේ අත් සෑම විටම සබන් යොදා සෝදා ගත යුතුයි. මොකද තමන්ගේ මුඛය සහ නාසය ස්පර්ෂ කිරීම තුළින් රෝගය වැළ‍ඳෙන බැවිනි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();