මෙවර යල කන්නයේ ලූණු වගා කරන ගොවීන්ගෙන් බීජ ලූණු මිල දී ගැනීමට කෘෂිකර්ම අමාත්‍යංශය රුපියල් මිලියන 47.3ක් වෙන් කර තිබේ.
කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවක දී දේශීය අර්තාපල් සහ ලූණු වගාකරුවන් ආරක්ෂා කිරීමට අමාත්‍යාංශය මැදහත් විය යුතු බවට උපදෙස් දී තිබේ.
මේ අනුව මෙවර යල කන්නයේ දී ලොකු ලූණු වගා කරන සහන රැසක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ලොකු ලූණු වගා කරන ගොවීන්ට අක්කරයකට බීජ සහනාධාරය වශයෙන් රුපියල් 9000ක මුදලකුත් අක්කරයක් සඳහා වන රක්ෂාණාවරණ වශයෙන් රුපියල් 40000ක මුදලකුත් පොහොර සහනාධාරයත් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ තීරණයවී තිබේ.
ලොකු ලූණු කිලෝ ග්‍රෑම් 01කට රුපියල් 80ක් වන සහතික මිලක් ද ලබා දීමට කටයුතු යොදා ඇති අතර, බීජ හා අවශ්‍ය උපදෙස් ලබාගැනීම සඳහා ද දඹුල්ල, කිඹිස්ස, ගලේවෙල, මකුළුගස්වැව, පල්ලෙපොල, වාසලකෝට්ටේ, නාඋල, කෝන්ගහවෙල සහ ලග්ගල කෘෂිකර්ම උපදේශන කාර්යාලවලින් ලබාගත හැකිය.


0 Comments