ඉන්ධන මිල ඉහළයාම නිසා ධීවරයින්ට වැඩියෙන් දැරීමට සිදුවූ මුදල ආපසු ගෙවීමේ නිසි ක්‍රමවේදයක් සැකසීමට ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කෙරේ.
ඊයේ (15) ධීවර හා ජලජ සම්පත් ඇමැති විජිත් විජයමුණි සොයිසා, රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි, නියෝජ්‍ය ඇමැති අමිර් අලීගේ ප්‍රධානත්වයෙන් සහ ජාතික ධීවර මහා සම්මේලනයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා ධීවර සමිති නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවේදී මෙම තීරණයට එළඹ තිබේ. මෙම කමිටුවට දිස්ත්‍රික් ධීවර සමිති නියෝජිතයින් හත්දෙනෙක් ද ඇතුළත් වෙති.
ඉන්ධන මිල ඉහළ යාම නිසා ධීවර ජනතාවට මැයි 10 වැනිදා සිට අතිරේකව දැරීමට සිදුවූ මුදල ඔවුන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට මෙම සාකච්ඡාවේදී යෝජනා වුවද එයට ධීවර සමිති නියෝජිතයින් අකමැත්ත පළකිරීම නිසා ඒ සඳහා නිසි ක්‍රමවේදයක් සැකසීමට මෙම කමිටුව පත් කෙරිණි.
කෙසේ වෙතත් මේ මුදල යළි ධීවර කාර්මිකයින්ට ලබාදීමේ නව ක්‍රමවේදය ධීවර සමිති නියෝජිතයින්ගේ වැඩි කැමැත්ත මත ක්‍රියාත්මක කිරීමටත්, එය අද (16) දිනය තුළදී ඛනිජ තෙල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරීමටත් ඇමැතිවරුන් මෙහිදී ධීවර අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.
මේ අවස්ථාවට ධීවර අමාත්‍යාංශ ලේකම් රේණුකා ඒකනායක මහත්මිය ද සහභාගි වූවාය.


0 Comments