Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආපදාවන්ට මුහුණදීම සඳහා සියලු අංශ දැනුවත්කර අවසන්

Author(s): 
උපාලි කරුණාරත්න

ආපදා තත්ත්වයන් ඇතිවීමට බලපාන පරිසර තත්ත්වයන් ශ්‍රමදානයකින් වෙනස් කිරීමේ ආපදාවට පෙර සූදානමක් වැඩ සටහන මෙම 21 සිට ලබන මස 02 දක්වා ග්‍රාම නිලධාරී වසම් 1413ක ක්‍රියාත්මක කරන බව වාරිමාර්ග ජල සම්පත් හා ආපදා කළමණාකරන ඇමැති දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඇමැතිවරයා මෙසේ ප්‍රකාශ කළේ ඊයේ(17) කොළඹ ආපදා කළමණාකරන අමාත්‍යාංශයේ පැවැත්වූ සාකච්ඡාවකට එක්වෙමිණි.

සියලු ආපදා තත්ත්වයන් එකම ස්ථානයකින් නිරීක්ෂණය කිරීමේ සහ ජනතාවට තොරතුරු ලබාදීමේ ක්‍රමවේදයන් ඉදිරියේදී සකස් කරන බවත් කාලගුණ තත්ත්වයන් නිවැරදිව නිරීක්ෂණය කළ හැකි ඩ්‍රොප්ලර් යන්ත්‍ර දෙකක් 2020දී ස්ථාපිත කරන බවත් ඇමැතිවරයා කීය.

ආපදාවට පෙර සූදානම වැඩ සටහනට සම්බන්ධ වූවන්ට පවතින අනතුරුදායක තත්ත්වය 50% කින් අඩුකර ගත හැකි බවද පැවසූ ඇමැතිවරයා එම වැඩසටහන් සඳහා අදාළ ප්‍රදේශයන්හි ජනතාවගේ පූර්ණ සහයෝගය බලාපොරොත්තු වන බවද කීය. ආපදාවට පෙර සූදානම වැඩ සටහන තුළින් ඇළවේලි, බෝක්කු සුද්ධ පවිත්‍ර කිරීම, අන්තරාදායකව තිබෙන ගස් ඉවත් කිරීම, අවට පරිසරය පිරිසිදු කිරීම ආදී වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක වන බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මේ වන විට ආපදා කළමණාකරන අමාත්‍යාංශය නිරිත දිග මෝසමත් සමඟ ඇතිවිය හැකි ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා අදාළ සියලු අංශයන් දැනුවත්කර ඇති බවද දුමින්ද දිසානායක ඇමැතිවරයා පැවසීය.

2016 මැයි මස සිදුවූ ගංවතුර සහ නායයෑම් නිසා මියගිය සංඛ්‍යාව 93 වනවා. සිදුවූ හානිය රුපියල් බිලියන 99.84යි. 2017 වසරේ සිදුවූ ගංවතුර සහ නායයෑම් නිසා මිය ගිය ගණන 219යි. සිදුවූ හානිය රැපියල් බිලියන 70.27යි. ආපදාවට ලක්වූවන්ට නිවසක් සාදා ගැනීමට රජය ලක්ෂ 12ක මුදලක් ලබා දෙනවා.ඉඩමක් ගැනීමට ලක්ෂ හතරක් ලබා දෙනවා. පසුගිය අවුරුදු දෙකේ ඇතිවූ නියගයෙන් පීඩාවට පත් ජනතාවට වියලි සලාක ලබාදීමට පමණක් මිලියන 37000ක මුදලක් රජය වියදම්කර තිබෙනවා. අපදා වළින් පීඩාවට පත් ජනතාවට වන්දි ලබාදීමේ වැඩ සටහන්දරජය ක්‍රියාත්මක කළා. පෙර පැවැති රජයන් මේ ආකාරයෙන් කටයුතු කළේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ රජය යටතේ ලක්ෂ 25ක උපරිමය දක්වා වන්දියක් ගෙවනවා. කවුරුත් අපට කියා නැහැ මේ රටේ සිටින සියලු දෙනාගේ දේපල රක්ෂණය කරන්න කියා. ජනාධිපතිතුමාට මේ රටේ වෙනසක් කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. එකම පුද්ගලයෙකුගෙන් වත් රුපියලක්වත් අය කරන්නෙ නැතිව අද මේ රටේ සිටින සියලුම පුද්ගලයො රක්ෂණය කර තිබෙනවා . ඒ වගේම මේ රටේ තිබෙන සියලුම දේපල රක්ෂණය කර තිබෙනවා රුපියලක්වත් අය කරන්නෙ නැතිව. ඒ අනුව පූර්ණ හානියකදී ලක්ෂ පහක් ලබා දෙන්නත්, ජීවිත හානියකදී රුපියල් ලක්ෂයක් ලබා දෙන්නත් හැකියාව ලැබෙනවා. පෙර පාලනයට වඩා මෙම මුදල් වැඩියි.

කාලගුණ තත්ත්වය පිළිබඳව නවීන තාක්ෂණය භාවිතා කිරීම පිළිබඳව අද උදෑසනත් සමාගමක් සමග සාකච්ඡාවක් පැවැත්වූවා. කාලගුණ තොරතුරු ක්ෂණිකව ලබා ගැනීම සඳහා ලෝකයේ භාවිතා වන දියණු උපක්‍රම භාවිතා කළ යුතුයි. දැනට භාවිතා වන සුනාමි අනතුරු ඇඟවීමේ කුලුණු 77 ද ආපදා තොරතුරු ලබා ගැනීම සඳහා භාවිතා කළ යුතුයි.

ආපදාවක් පිළිබඳව මාධ්‍යයන් දැනුවත් වූ වහාම ආපදා කලමණාකරන මධ්‍යස්ථානයට දැනුම් දෙන ලෙස මාධ්‍ය වේදීන්ගෙන් ඉල්ලා සිටින බවද කී ඇමැතිවරයා මින් ඉදිරියට අමාත්‍යාංශයේ මාධ්‍ය සාකච්ඡා වලදී කතා කරනුයේ අමාත්‍යාංශයේ වැඩ සටහන් බවත් ශ්‍රිලනිප මූලස්ථානයේදී දේශපාන මාධ්‍ය සාකච්ඡා පවත්වන බවත් කීය.

තවදුරටත් අදහස් දැක්වූ ඇමැති දුමින්ද දිසානායක මහතා-පසුගිය කාලයේ ඇතිවූ සොභාවික විපත් නිසා විශාල හානි සිදුවුණා. අපදාවක් වීමට පෙර ජනතාව සූදානම් කිරීම සඳහා අප අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ආපදාවට පෙර සුදානම වැඩ සටහන ඉතාම වැදගත් වෙනවා. ආපදාවක් ඇතිවූ අවස්ථාවන් වලදී එම ස්ථානයන්හි ජනතාව රැදී සිටියහොත් විශාල ගැටලු ඇතිවිය හැකියි. අපගේ තිබෙන නොසැලකිලිමත් භාවයද ආපදා ඇතිවීමට හේතුවන අවස්ථා තිබෙනවා. අදත් කලුතර ප්‍රදේශයේ ආපදාවකදී ජනතාව ඉවත් කිරීමේ පෙරහුරු වැඩ සටහනක් ක්‍රියාත්මක කරනවා. වර්ෂාව බලාපොරොත්තු විය හැකි ප්‍රදේශවල වැව් කැඩී බිදී යාම් වළක්වා ගැනීමට ඒවායේ ජලය ක්‍රමාණුකූලව අඩු කිරීම අප සිදුකළා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් ගංවතුර අවධානම ඇතිවිය හැකි ප්‍රදේශවල ඇළ වේලි සුද්ද පවිත්‍ර කිරීම මේ දිනවල සිදුවෙනවා.

හදිසි අවශ්‍යතාවක් ඇති වුවහොත් වැදගත් ලිපි ලේඛන, වතුරු බෝතලයක්, විදුලි පන්දමක්, කුඩා රේඩියෝවක්, බෙහෙත්ද්‍රව්‍ය, පවුලේ අනෙකුත් අයගේ දුරකථන අංක, මුදල් ආදිය ඇතුළත් ආපදා මල්ලක් රැගෙන යන ලෙස දැනුම්දීඇත.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();