සම්බුදු තෙමඟුල සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙන් රට පුරා ඉදිකළ වෙසක් කලාප දහස් සංඛ්‍යාත ජනතාවගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වී ඇත.
යුද හමුදා මුලස්ථානය, සියලු ආරක්ෂක සේනා මුලස්ථාන, බෞද්ධාලෝක මාවත, වාළුකාරාමය, කොල්ලුපිටිය හා ගංගාරාම වෙසක් කලාපය සහ තවත් ස්ථාන රැසක් යුද හමුදාව සිය වෙසක් සැරසිලි ප්‍රදර්ශනය කර තිබේ.
යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ පූර්ණ උපදෙස් මත යුද්ධ හමුදා මූලස්ථානය සහ යුද්ධ හමුදා බෞද්ධ සංගමය රට පුරා පිහිටි වෙසක් කලාප සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් එම වෙසක් කලාප සැරසීම, බැති ගී ප්‍රසංග පැවැත්වීම, දන්සල් පැවැත්වීම සහ විශේෂ ආගමික වැඩසටහන් සඳහා මෙසේ දායකත්වය දක්වනු ලැබීය.
ජාතික වෙසක් උත්සවය ආරම්භ කිරීමට පෙර බිංගිරිය, දේවගිරි රජමහා විහාරයේ යුද්ධ හමුදාව ඉදිකළ ධර්ම ශාලාව සිකුරාදා (27) දින බුද්ධශාසන ඇමැතිවරයා විසින් උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ මඟපෙන්වීම යටතේ එම ආරක්ෂක සේනා මුලස්ථානය, ඒ යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකකයන් හි සේවයේ නියුතු භටයින්ගේ සහය ඇතිව යාපනය නාග විහාර පරිශ්‍රය ද වෙසක් කූඩු සහ විදුලි ආලෝකයෙන් වර්ණවත් කරමින්, ‘යාපා පටුනයි දහම් අමාවයි’ තේමාව යටතේ විශේෂ වෙසක් තොරණක් ඉදි කරවා දන්සලක් ද පවත්වන ලදී.
සංහිඳියාව සහ සහජීවනය විදහා දක්වමින් නාවත්කුලි විද්‍යාලයේ සිසුන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් එක්ව බැති ගී ප්‍රසංගයක් ද පවත්වනු ලැබූහ.
එමෙන්ම, වව්නියාව දිස්ත්‍රි ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන වෙසක් සැමරුම් වැඩසටහන් මාලාවට වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය සිය දායකත්වය දක්වනු ලැබීය. වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ ශීල ව්‍යාපාරයක්, බැති ගී ප්‍රසංගයක්, දන්සැලක් සහ වෙසක් කූඩු ප්‍රදර්ශනයක් පැවැත් වූ අතර, බෞද්ධ කොඩිවලින් දෙපස අලංකාරවත් කරන ලදී.
සංහිඳියාව සහ සහජීවනය විදහා දක්වමින් යුද්ධ හමුදා ගායක කණ්ඩායමක් විසින් සිංහල හා දමිළ යන භාෂා ද්විත්වයෙන්ම බැති ගී ගායනා කරනු ලැබීය.
නැගෙනහිර ආරක්ෂීක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල ගේ මගපෙන්වීම යටතේ සෙවනපිටිය ප්‍රදේශයේ පිහිටි එම ආරක්ෂක සේනා මූලස්ථානය හා පොළොන්නරුව නගරය, වැලිකන්ද, ත්‍රිකුණාමලය සහ මඩකළපුව යන ප්‍රදේශයන් ආවරණය වන පරිදි වෙසක් කුඩු ප්‍රදර්ශන, බෞද්ධ නාට්‍ය, බැති ගී ප්‍රසංග සහ දන්සල් සංවිධාන කරනු ලැබුහ.
එමෙන්ම, කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ මඟපෙන්වීම යටතේ එම ආරක්ෂක සේනා මුලස්ථානය විසින් කිලිනොච්චි වෙසක් කලාපයක් සංවිධානය කළ අතර, එහිදි බෝධි පූජා පිංකම්, ආගමික වැඩසටහන්, බැති ගී සංදර්ශන සහ වෙසක් කූඩු ප්‍රදර්ශනයක් ද පැවැත්වීය.
එසේම, මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්මන්ත රාජගුරු ගේ උපදෙස් මත එම මුලස්ථාන භට පිරිස් මුලතිව් ප්‍රදේශයේ වර්ණවත් වෙසක් කුඩු ප්‍රදර්ශනයක් සහ සිවිල් ජනතාව වෙනුවෙන් දන්සලක් ද පවත්වනු ලැබීය.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආශිර්වාදයෙන් බටහිර ආරක්ෂරක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්ප්රිය ලියනගේ ගේ උපදෙස් මත එම ආරක්ෂරක සේනා මූලස්ථාන භට පිරිස් විසින් බිංගිරිය, දේවගිරි රජමහා විහාරයේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව නිම කරන ලදි.
වෙසක් පොහෝය දිනයේ යුද්ධ හමුදා මූලස්ථානයේ සහ පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි බටහිර ආරක්ෂික සේනා මූලස්ථානයේ භට පිරිස් යුද්ධ හමුදා බෞද්ධ සංගමයේ සාමාජිකයන් සමඟ එක්ව පනාගොඩ ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථානයේ දී ශීල සමාදාන වැඩසටහනක් පවත්වනු ලැබීය.
එසේම, බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන භට පිරිස් නිර්මාණාත්මක සහ කලාත්මක හැකියාවන් ප්‍රදර්ශනය කරමින් බුද්ධ චරිතය හා සම්බන්ධ බැති ගී ගායනා සහ නර්ථනාංග ඉදිරිපත් කරමින් බෞද්ධාලෝක මාවතේ වෙසක් කලාපය, වාළුකාරාමය, කොල්ලුපිටිය, ගංගාරාම ජාතික ‘බුද්ධ රශ්මි’ වෙසක් කලාප සඳහා දායකත්වය සැපයිය.
දියතලාව පිහිටි මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන භට පිරිස් ද එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ මඟපෙන්වීම යටතේ මුතු කුමරු ක්‍රීඩාංගණයේ දී වෙසක් කුඩු ප්‍රදර්ශනයක් ඇතුලු ආගමික වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනු ලැබූ අතර දියතලාව නගරයේ දී දන්සැලක් සහ වෙසක් බැති ගී තරඟයක් ද පවත්වන ලදි. මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකය ද හම්බන්තොට දී වෙසක් කලාපයක් සංවිධාන කර තිබුණි.
0 Comments