හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ 25 වැනි ගුණ සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ(1) පෙරවරුවේ කොළඹ අලූත්කඩේ උසාවි සංකීර්ණය අසල ප්‍රේමදාස පිළිරුව අබියස දී පැවැත්විණි. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රේමදාස පිළිරුව වෙත මල් කලඹ තැන්පත් කර පුෂ්පෝපහාර දැක්වුහ. රණසිංහ ප්‍රේමදාස මහතාගේ 25 වැනි ගුණ සමරුව වෙනුවෙන් දිනමිණ පුවත් පත සමඟ නිකුත් වූ "මතක පොතේ සුචරිත ලකුණ"නමැති අතිරේකය ජනාධිපතිවරයා කියවා බලන අවස්ථාව. මහා සංඝරත්නය ප්රමුඛ අන්‍යාගමික පූජකවරු ද, කතානායක කරූ ජයසුරිය, අැමැති සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මැති ඇමැතිවරු රැසක් ද, හේමා ප්‍රේමදාස මැතිනිය ප්රමුඛ පවුෙල් ඥාතීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූපය -සමන් ශ්‍රී වෙදගේ
0 Comments