වසර 2022 වනවිට එක්සත් ජනපද ඩොලර් කෝටි 2700ක (බිලියන 27) භාණ්ඩ හා සේවා අපනයන ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමේ ජාතික අපනයන උපායමාර්ගික සැලැස්ම ඉක්මනින් රටට හඳුන්වාදීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සූදානම් වේ.
ඉලක්කගත අංශ හයක් සහ වෙළෙඳ සහයෝගිතා කාර්යය හතරක් මේ ජාතික අපනයන උපායමාර්ගික සැලැස්මට අතුළත් වන බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය, සුවසේවා සංවර්ධනය, බෝට්ටු නිපදවීම, විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික් උපාංග, සකස් කළ ආහාර හා පානවර්ග සහ කුළුබඩු හා සාන්ද්‍රික නිෂ්පාදන වැනි තවදුරටත් අපනයන ඉහළ නැංවීම සඳහා ඉඩප්රස්ථා පවතින ඉලක්කගත අංශ හයක් මේ ජාතික සැලැස්ම මඟින් හඳුනාගෙන ඇත.
මීට අමතරව වෙළඳ තොරතුරු හා ප්‍රවර්ධනය, ජාතික තත්ත්ව යටිතල ව්‍යුහය, කාර්ය හා උපාය සහ නවෝත්පාදනය හා ව්‍යවසායකත්වය වැනි අත්‍යවශ්‍ය වෙළෙඳ සහයෝගීතා කාර්යයන් හතර මින් හඳුනාගෙන ඇත.
වසර 2017දී විදේශ වෙළෙඳාම සඳහා වූ උපායාමර්ග ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අදාළ ආයතන හා පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා ආරම්භ කළ අපනයන සංවර්ධන මණ්ඩලය, මේ යටතේ විවිධ අංශ බුද්ධිමතුන්, වෘත්තීයවේදීන්, වෙළෙඳ සංගම්, අපනයනකරුවෝ ප්‍රධාන පිරිස් සමඟ නව ජාතික අපනයන උපායමාර්ගික සැලැස්ම සකස් කිරීම පිළිබඳව පුළුල් කතිකාවක් පවත්වා තිබේ.
ප්‍රාදේශීය වශයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දෙදහක් අපනයනකරුවන් බවට පත් කිරීම උදෙසා ඉකුත් වසරේ මාර්තු යාපනයේදී ඇරඹී ජාතික වැඩසටහනට නව පණක් ඉදිරියේ දී හඳුන්වාදෙන නව ජාතික අපනයන උපායමාර්ගික සැලැස්මෙන් අපනයනකරුවන්ට හිමිවනු ඇත.
වසර 2017 අප රටට වැඩිම අපනයන ආදායම ලැබූ වසර බවට පත්වූ අතර, මේ සඳහා ද අපනයන සංවර්ධන මණ්ඩලය හඳුන්වාදුන් විවිධ ක්‍රියාකාරකම් හා වැඩසටහන් මුල්වී තිබේ.
0 Comments