ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් ලබන 22 වැනි දා ශ්‍රී ලංකා - සිංගප්පූරුව නිදහස් වෙළෙඳ ගිවිසුම ගැන විශේෂ සාකච්ඡාවක් කොළඹ ජනාධිපති මහලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.
මේ විශේෂ සාකච්ඡාවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන්ට ද එක්වන ලෙස දැනුම් දී ඇතැයි ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කෙළේය.
නිදහස් වෙළෙඳ ගිවිසුමට සියලු පාර්ශ්වකරුවන්ට අවස්ථාවක් ලබාදෙමින් ලබන 22වැනි දා දහවල් කොළඹ ජනාධිපති මහලේකම් කාර්යාලයේ දී මේ සාකච්ඡාව පැවැත්වෙන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පැවැසීය.
ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ සියලු පාර්ශ්වයන්ගේ නියෝජිතයන් මේ සඳහා එක්වන බැවින් එහිදී මේ සම්බන්ධයෙන් ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳව තීරණයක් ගැනීමට හැකිවනු ඇතැයි ද ජනාධිපති ලේකම්වරයා සඳහන් කෙළේය.
නාරාහේන්පිට පිහිටි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ඊයේ (17) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැඟූ පැනයකට පිළිතුරු ලබාදෙමින් ජනාධිපති ලේකම්වරයා මේ බව කියා සිටියේය.


0 Comments