'බුද්ධ රශ්මි ජාතික වෙසක් උත්සවය වෙනුවෙන් පකිස්ථානයේ තක්ෂිලා නුවරින් මෙරටට වැඩමකරවන ලද ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා (17)දා ගංගාරාම විහාරස්ථානයේ සිට යළි පාකිස්තානයට වැඩමකරවන ලදී.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව මෙම ධාතූන් වහන්සේලා වෙසක් දිනට පෙර දින (අප්‍රේල්28) මෙරටට වැඩමවා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංවිධානත්වයෙන් අරලිය ගහ මන්දිරය ඇතුළු දිස්ත්‍රික්ක හතක දී දින 20ක් තිස්සේ ගෞරවාන්විතව මහජන ප්‍රදර්ශනය සඳහා තබන ලදී.
අවසන් දින දෙකේදී ගංගාරාම විහාරාධිපති ගලබොඩ ඤාණිස්සර මහනායක හිමියන්ගේ අනුශාසකත්වයෙන් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වෙනුවෙන් පුද පූජා පවත්වමින් ගංගාරාම විහාරස්ථානයේ මහජන ප්‍රදර්ශනය සඳහා තබන ලදි. ඉන් අනතුරුව මෙම ශ්‍රී සර්වඥධාතූන් වහන්සේලා යළි පකිස්ථානයට වැඩමවීමේ අවස්ථාව ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.


0 Comments