Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද්ට නැවත වරෙන්තු

Author(s): 
සුභාෂීණී සේනානායක

2008 අගොස්තු 08 වනදා සිට වසර 2008 සැප්තැම්බර් මස 17 වනදා දක්වා පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් වීමේසිද්ධියට අදාළ සැකකරුවකු වන හිටපු නාවික හමූදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයට නැවතත් විවෘත වරෙන්තුවක් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (17) නිකුත් කළා.

හෙට්ටිආරච්චි යන සැකකරුට සැගව සිටීමට සහ රටින් පිටවීමට ආධාර අනුබල දෙන පුද්ගලයන් සිටී නම් ඔවුන් සම්බන්ධයෙන් වෙනම ක්‍රියා කරන ලෙස සහ ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසටද මහේස්ත්‍රාත් වරිය නියෝග කළාය.

මහේස්ත්‍රාත් වරිය මෙලෙස නියෝග කළේ අගතියට පත් පාර්ශව වෙනුවෙන් නිතිඥ අචලා සෙනෙවිරත්න මෙනවිය අධිකරණයෙන් සිදු කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවය.

මේ සිද්ධියට අදාළ රහස් පොලිසිය විසින් අධිතරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනාවික හමුදා බුද්ධි අංශයේ හිටපු නාවික හමුදා සෙබළුන් දෙදෙනා වන කස්තුරිගේ ගාමිණී, තුෂාර මෙන්ඩිස් යන දෙදෙනා ලබන මැයි මස 31 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටද කොටුව මහේස්ත්‍රාතවිය ඊයේ (17) නියෝග කළාය.

දුරකථන විස්තර සම්බන්ධයෙන් විමර්ශන

මේ සිද්ධියට අදාළ උදෘත නිතිපතිවරයාට යොමු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා අධිකරණයට දැනුම් දූන්නේය.

මේ සිද්ධියට අදාළ නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක, කොමදෝරු ඩී.කේ.පී දසනායක නාවික හමුදා බුද්ධි අංශ කොමදෝරු සුමිත් රණසිංහ , නාවික නැවි ලක්ෂ්මන් උදය කුමාර,නලින් ප්‍රසන්න වික්‍රමසූරිය සහ තම්මිට ඉහළ ගෙදර ධර්මදාස ,රාජපක්ස පතිරනලාගේ කිත්සිරි,සම්පත් මුණසිංහ යන සැකකරුවන් ඇප මත සිටි.

සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන වැල්ලවත්ත,ත්‍රිකුණාමලය,මඩකලපුව ඇතුලු ස්ථාන කිහිපයකදී කස්තුරිආරච්චිගේ ජොන් රීට්,රජිව් නාගනාදන්,ප්‍රදීප් විශ්වනාදන්,තිලගේෂ්වරන් රාමලිංගම්,මොහොමඩ් සාජිත්,ජමාල්ඩීන් ඩිලාන් ,අමනන් ලියෝන්,රොෂාන් ලියෝන්,ඇන්තනි කස්තුරිආරච්චි,ත්‍යාගරාජා ජෙගන් සහ මොහොමඩ් අලි අන්වර් යන පුද්ගලයින් අතුරුදන් වීමේ සිද්ධියට අදාළ රහස් පොලිසිය විමර්ශන සිදු කරයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();