සාර්ක් සිනමා උළෙල ලබන වසරේ සිට කොළඹ පමණක් නොව යාපනය හා මහනුවරත් පැවැත්වීමට කටයුතු කරන බව සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වසන්ත කොටුවැල්ල මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඉකුත්දා (15) ගලදාරි හෝටල් පරිශ්‍රයේ පැවැති අටවෙනි වරටත් සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය සංවිධාන කරන ‘සාර්ක් සිනමා උළෙල 2018‘ පිළිබඳ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදි වැඩිදුරටත් ඒ මහතා මෙසේද කීය. මෙවරත් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ අනුග්‍රහය ඇති සාර්ක් සිනමා උළෙල ලබන 22දා සිට 27 වැනි දින දක්වා චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ පිහිටුවා තිබෙන තරංගණි සිනමාශාලාවේදි පැවැත්වීමට කටයුතු යොදා තියෙනවා. දකුණු ආසියානු කලාපයේ රටවල ජනතාවගේ සුහදත්වය, සංස්කෘතීන් හා ඔවුනොවුන් හඳුනාගැනීම ඇතුළු උසස් සිනමා රසිකත්වය වර්ධනය කරගැනීමට කදිම අවස්ථාවක් වන අතර සියලුම චිත්‍රපට ප්‍රේක්ෂක ජනතාවට නොමිලේ නැරඹීමට අවස්ථාව උදාකර තියෙනවා.
සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා කිෂානි ජයසිංහ මහත්මිය-
සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය මෙහෙයවන සාර්ථක වැඩසටහනක් ලෙස මේ සිනමා උළෙල හඳුන්වා දෙන්න පුළුවන්. මෙවර ශ්‍රී ලංකාව, ඉන්දියාව, භූතානය,පාකිස්තානය, මාලදිවයින, බංග්ලාදේශය යන රටවලින් කෙටි හා මෙහිදි (25) සිකුරාදා පෙරවරු 9.00 සිට 11.00 දක්වා සිනමාව පිළිබඳ වැඩමුළුවක්ද කොළඹ 07, ටොරින්ටන් චතුරශ්‍රය, අංක 100 දරණ ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා මාධ්‍ය පුහුණු ආයතනයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තියෙනවා. සිනමාව පිළිබඳ අධ්‍යාපනය ලබන ඒ ගැන උනන්දුවක් තියෙන අයට ඊට සහභාගි විය හැකියි. 27 වැනි දින තරංගණී සිනමා ශාලාවේදි සාර්ක් සිනමා උළෙල 2018 සිනමා උළෙලේ අවසන් දිනයේදි සම්මාන රාත්‍රිය සිදුවන අතර එහි අවසානයේ මෙවර සම්මානය ලැබු හොඳම චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙනවා.
මේ සිනමා උළෙලේ උපදේශක ධනුෂ්ක ගුණතිලක මහතා -
සාර්ක් සිනමා උළෙල 2018 සඳහා ජාත්‍යන්තරයේ ඉතා ප්‍රවීණ සිනමාව පිළිබඳ අත්දැකීම් ඇති ජූරි සභාවක් ගෙන්වනවා. මෙවර ඒ සඳහා පාඔලෝ බර්ටෝලින්, හාන් සන්හී, අම්බලේ ටිකොයි අගුයිල්ස් යන විද්වත් මහත්ම මහත්මීන් සහභාගි වෙනවා ඇති.
මෙහිදී කෙටි සිනමාපට දහයක් හා දිගු සිනමාපට දහසයක් ප්‍රදර්ශනය කෙරෙනවා. එමෙන්ම සෑම රටකින්ම අපි ඉල්ලා තියෙනවා ඒ රටවල නිපදවු සම්භාවනීය සිනමාපටයක් මේ සිනමා උළෙලට ලබාදෙන්න කියලා. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් ආගන්තුකයා, බංග්ලාදේශයේ අකි ඇන්ඩ් හර් ෆ්‍රෙන්ඩ්,ඉන්දියාවේ බිසොර්ජාන්, පාකිස්ථානයෙන් ශානක්ට් යන චිත්‍රපට ලැබි තියෙනවා.
ෙමෙම සිනමා උළලේදි කෙටි චිත්‍රපට දහයක් හා දිගු චිත්‍රපට දහසයක් තිරගතවෙන අතර මේ සියල්ල තරංගණි සිනමාශාලාවේ ප්‍රදර්ශනය කෙරෙනවා.
(22) අරම්භක දිනයසවස 6.30ට, ආගන්තුකයා, (23) පෙරවරු 10.00ට සෙර්ගා මාතාන්ග්(භූතාන්) , සවස 1.00ට සැලුයට්(පාකිස්ථානය), සවස4.30ට ගී (ඉන්දියානු කෙටි චිත්‍රපටයක්) , සවස 5.05ට කහචා (පාකිස්ථාන) ,සවස7.20ට ස්ටේටස් (මාලදිවයින කෙටි චිත්‍රපටයක්), සවස 7.35 හම් චෙවායි සම්ලින්ග්(භූතාන). (24) පෙ.ව.9.30 බිතුෆන්ගි(මාලදිවයින කෙටි චිත්‍රපටයක්), පෙ.ව.10.15 හාධු ( මාලදිවයින), සවස 1.00ට ඩාග් (බංගලාදේශ කෙටිචිත්‍රපටියක්), සවස1.30ට ශනක්ට්(පාකිස්තාන),සවස 4.00 විසිඅට(ශ්‍රී ලංකාව),සවස 6.00 ක්ෂිට්ජ්(ඉන්දියාව), සවස 8.00 ෆයර් ඔෆ් ලයිෆ්( ශ්‍රී ලංකාවේ කෙටි චිත්‍රපටයක්), සවස 8.30 චේන් අයේ නා ( පාකිස්ථානය),(25) පෙරවරු 9.00 සිට 11.00 දක්වා සිනමා වැඩමුළුව කොළඹ 07, එස්.එල්.එම්.ටි.අයි.හීදි දහවල් 11.30ට අකි හර් ෆ්‍රෙන්ඩ්, සවස 2.00 මට නම් ඇහුන( ශ්‍රී ලංකාවේ කෙටි චිත්‍රපටයක්), සවස 2.30ට බිසොර්ජාන්(ඉන්දියාව), සවස 3.00ට 4426 (මාලදිවයින), සවස 8.00 බ්ලයින්ඩ් ලව්(පාකිස්ථානය),(26) පෙරවරු 10.00 කලො මෙගාර් වෙලා (බංගලාදේශය), පෙරවරු 10.45 පූර්ණා (ඉන්දියා), දහවල් 12.30ට වීර්ණා(පාකිස්තානය), සවස 3.30
හල්ඩා (බංගලාදේශය), සවස 6.30 ද වෝටර් ෆෝල් (ඉන්දියාව), සවස 7.00 බහුචිතවාදියා(ශ්‍රී ලංකාව),(27) සවස 6.00ට සම්මාන රාත්‍රිය මෙහිදි අවසානයේදි මෙම සිනමා සම්මාන උළලේසි සම්මානය ලබන සිනමාපටය ප්‍රදර්ශනය කරනු ලැබේ. මේ සියලු චිත්‍රපට නොමිලේ නැරඹීමේ අවස්ථාව සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය ප්‍රේක්ෂකයන්ට ලබාදී ඇත.
මෙහිදි සංස්කෘතික වැඩසටහන් පිළිබඳ විශේෂඥ ආචාර්ය සෞම්‍යා චවන් හා පර්යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා බින්දු ඔරුගොඩවත්ත යන මහත්මීහුද අදහස් දැක්වූහ.


0 Comments