ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගේ ප්‍රවාහන පහසුකම් ඇති කිරීමට බ්‍රිතාන්‍ය යේ හා නෙදර්ලන්තයේ ණය ආධාර යටතේ පාලම් පන්සීයක් ඉදිකිරීමේ මූලික කටයුතු ඉතාම ඉක්මනින් ආරම්භ කරන බව පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වු එම අමත්‍යාංශයේ ලේකම් කමල් පද්සිරි මහතා පවසා සිටියේ ග්‍රාමීය පාලම් පන්සීයේ ව්‍යාපෘතිය සඳහා ඉතා කඩිනමින් ක්‍රියා කිරීමට හැකිවීම ග්‍රාමීය ජනතාවගේ ජයග්‍රහණයක් බැවින් ඇමැති ෆයිසර් මුස්තාපා මහතාගේ උපදෙස් අනුව දැනටමත් අපාදා තත්වයන් හේතුවෙන් ග්‍රාමීය ජනතාවගේ ප්‍රවහන පහසුකම් දුෂ්කරතා හඳුනාගෙන ඊට ප්‍රමුඛ අවශ්‍යතා ලබා දී ඒ ඒ පළාත් පාලන ආයතන හා පළාත් සභා මට්ටමින් අදාළ ඉංජිනේරුවන් සමඟ සාකච්ඡා කොට මේ කටයුතු ආරම්භ කර ඇත. මේ ව්‍යාපෘතිය සඳහා බ්‍රිතාන්‍යයෙන් ස්ටර්ලින් පවුම් මිලියන 50ක් ද, නෙදර්ලන්තයෙන් යූරෝ මිලියන 52.5ක් ද ණය ආධාරයක් ලබාදීමට නියමිත අතර ඒ සඳහා අදාළ ගිවිසුම් ද අස්සන් කිරීම දැනටමත් අවසන්වී තිබේ. මෙහිදි බ්‍රිතාන්‍යයෙන් ක්ලිව්ලන්ඩ් පාලම් දෙසිය පනහක් ද, නෙදර්ලන්තයෙන් ජෙන්සන් පාලම් දෙසිය පනහක් ද ඉදිකිරීමට නියමිතයි. පසුගිය කාලයේ ඇතිවු ආපදා තත්ත්වයන් නිසා අබලන්වු පාලම් තුන්දහසක් පමණ ඉදිකළ යුතු බවට තොරතුරු ලැබී ඇත.


0 Comments