Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආර්ථික සමාජ සංවර්ධනයට චීනය ලබාදෙන සහාය අගය කළ යුතුයි

දෙරටේ නායකයන් අතර ඇති අවබෝධය මිත්‍රත්වය ශක්තිමත් කරනවා
- චීන තානාපති

චීන- ශ්‍රී ලංකා සබඳතා සහ ‘එක් තීරයක් – එක් මාවතක්’ ඉදිකිරීම් පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීන තානාපති චෙන්ග් ෂුයුන් මහතා ජනාධිපති නිල නිවසේ දී මුණ ගැසුණි. දෙරටේ මිත්‍රත්වය ඓතිහාසික යුගය දක්වා දිව යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී අවධාරණය කළේය. මෙරට ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා චීනයෙන් ලබා දෙන ලද අද්විතීය සහයෝගට ශ්‍රී ලංකා රජය සහ ජනතාව ඉතා අගය කරයි. අනාගත සංවර්ධනය සහ ඉන්දියානු සාගර කලාපය තුළ නව ආර්ථික මධ්‍යස්ථානයක් සඳහා යන ගමනට චීනයේ අඛණ්ඩ සහයෝගය ඉදිරියටත් අවශ්‍යය.

එක් තීරයක්- එක් මාවතක් සහ ඊට සම්බන්ධ වරාය නගර සහ හම්බන්තොට කර්මාන්ත උද්‍යාන දැවැන්ත ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාව දැඩි ලෙස සහය ලබා දෙන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. එම ව්‍යාපෘතිවල ක්‍රියාකාරිත්වය පිළිබඳ නියාමනය සඳහා ජනාධිපති කාර්යාලයෙන් රජයේ ආයතන වෙත උපදෙස් ලබා දී තිබෙන බවද අවධාරණය කළේය..

ශ්‍රී ලංකාවේ ආර්ථික හා ජීවන වෘත්තින් සඳහා චීනයෙන් තව තවත් ආයෝජන සහ සහයෝගය බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. දේශීය රෝගීන් ගේ වේදනාව සමනය කිරීම සඳහා චීනය සහයෝගයෙන් ලබාදෙන ජාතික වකුගඩු විශේෂඥ රෝහලේ ඉක්මන් අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව අපහසුතාවන්ට පත් වූ අවස්ථාවල චීනය නිරන්තරයෙන් සිය මිත්‍රත්වයේ දෑත දිගු කළ බව ජනාධිපතිතුමා සිහිපත් කළේය. දිගු කාලීන අසාර්ථක මෙහෙයුමෙන් පසුහම්බන්තොට වරාය බාර දීම හොදම නිදසුනක් ලෙස පෙන්වා දුන්නේය.. කිසිදු සැඟවු න්‍යාය පත්‍රයකින් තොරව දෙරටේ මිත්‍ර සහයෝගීතාවෙන් හම්බන්තොට වරාය ආර්ථික සංවර්ධනය ඉලක්ක කර සිටින බවද අවධාරණය කළේය.

මේ වසර ජිනීවා හිදී පැවැත්වීමට නියමිත 71 වැනි ලෝක සෞඛ්‍ය සමුළුවේ දී එක් චීනයක් ප්‍රතිපත්තියට සහාය ලබා දෙන බව පැවසීය.

මෙහිදී අදහස් දැක් වූ චීන තානාපති චෙන්ග් ෂුයුඇන් දෙරටේ නායකයන්ගේ එතිනෙකා අතර අවබෝධය මෙම මිත්‍රත්වය සඳහා වඩාත් බලපාන බව පැවසීය. දෙරටටම සහ දෙරටේ ජනතාවටම ‘එක් තීරයක් – එක් මාවතක්“ හි ප්‍රතිලාභ හිමි වන ලෙස එය ප්‍රවර්ධනය කරන බවද ඔහු පැවසීය. විශේෂයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ පෞද්ගලික මග පෙන්වීම යටතේ කොළඹ වරාය නගරය සහ හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘති බලාපොරොත්තු වන අයුරින්ම සාර්ථක වනු ඇති බව විශ්වාස කරන බව ද ඔහු සඳහන් කළේය.

බාහිර බලවේග මගින් ද්වීපාර්ශවීය සබදතා මෙන්ම මිත්‍රත්වයට බලපෑම් තිබුණද ඉදිරියට ද ශ්‍රී ලංකාව වෙනුවෙන් සහාය ලබා දීමට සැම විටම සූදානම් බව තානාපතිවරයා අවධාරණය කළේය. එසේම චීනය ප්‍රදානය කරන ජාතික වකුගඩු විශේෂ රෝහලේ ඉදිකිරීම් නුදුරේ දීම ආරම්භ කරන බව පැවසීය. වකුගඩු රෝගීන් වෙනුවෙන් වසර දෙකක් ඇතුළත එම රෝහලේ කටයුතු ආරම්භ කිරීමට හැකි වන බව තානාපතිවරයාඅවධාරණය කළේය. තායිවාන, ෂිසාන්ග්(ටිබෙට්) සහ අනෙක් ගැටලු වලදී චීනයට ලබා දෙන සහාය වෙනුවෙන් චීන තානාපතිවරයා ශ්‍රී ලංකාවට ස්තූතිය ප්‍රකාශ කළේය. දෙපාර්ශ්වයේම ගෞරවය රැකෙන පරිදි ආර්ථික හා සමාජ සංවර්ධනය වෙනුවෙන් චීනය ශ්‍රී ලංකාව සමඟ ඉදිරියේදීත් එක්ව කටයුතු කරන බව තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ක්‍රිසන්ති විතාරණ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();