Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රම බළකායට සක්‍රීයව දායක වී අනාගතය ජය ගත යුතුයි

අවස්ථා පැමිණෙන තුරු බලා නොසිට උපක්‍රමශීලීව, සියලු බාධක මඟහරවා ගනිමින් අවස්ථා උදා කරගෙන රටේ අධ්‍යාපනය දියුණු කිරීමට මෙන්ම රට සංවර්ධනය කිරීමට ද වත්මන් රජය ක්‍රියා කරමින් සිටින බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ වතු ආශ්‍රිත දෙමළ මාධ්‍ය පාසල් සඳහා ගුරු සහයකවරුන් බඳවාගැනීමට බත්තරමුල්ල අපේගම පරිශ්‍ර‍යේ පෙරේදා (16) පැවති උත්සවයේදී ය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

"වතුකරයේ දරුවන් නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ භුක්ති විඳිමින් රටේ ශ්‍රම බළකාය සඳහා සක්‍රීයව දායක වී අනාගත ලෝකය ජය ගත හැකි පරපුරක් බවට පත් විය යුතුයි. පසුගිය කාලවකවානුවේ වතුකරයේ අධ්‍යාපනයේ ඇති වී තිබෙන කඩාවැටීම් මඟහරවා ගෙන අධ්‍යාපනය දියුණු කළ යුතුයි. ඉදිරියේ දී ගුරු ව්‍යවස්ථාවට අනුව ගුණාත්මක මට්ටමින් තව තවත් පරිපූර්ණ වූ ගුරුවරුන් බඳවාගැනීමට හැකියාව පවතිනවා."

වතු ආශ්‍රිත දෙමළ මාධ්‍ය පාසල් සඳහා අලුතින් බඳවා ගනු ලැබූ ගුරු සහයකවරුන් 92ක් සඳහා මෙහි දී පත්වීම් ලිපි ප්‍රදානය කෙරිණි. අධ්‍යාපන රාජ්‍ය ඇමැති වී. රාධක්‍රිෂ්ණන්, අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන, අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහත්වරු ද, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකර මහත්මිය ඇතුළු නිලධාරීහු ද මේ අවස්ථාවට සහභාගී වූහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();