විවිධ නිෂ්පාදනවලට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය දිගු කාලීන ණය පහසුකම් යටතේ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ශ්‍රී ලාංකීය සමාගමක් ප්‍ර්‍රථම වරට සෞදි අපනයන වැඩසටහන සමඟ ගිවිසුමක් අත්සන් කරයි.
ශ්‍රී ලංකාවේ සෙල්මෝ පුද්ගලික සමාගම විසින් (selmo pvt ltd) සෞදි අපනයන වැඩසටහන සමඟ (saudi export program) මූල්‍යමය පහසුකම් ලබාගැනීම පිළිබඳව මේ ගිවිසුම පසුගිය දා අත්සන් තැබූ අතර මේ යටතේ ඛනිජ තෙල් නොවන අනෙකුත් අමුද්‍රව්‍ය සෞදියෙන් ගෙන්වාගැනීමට නියමිතය. ශ්‍රී ලාංකීය සමාගමක් විසින් මූල්‍යමය පහසුකම් ලබාගැනීමට සෞදි අපනයන වැඩසටහන සමඟ අත්සන් කළ ප්‍රථම ගිවිසුම මෙය වේ. ශ්‍රී ලංකා වානිජ මණ්ඩලය විසින් 2017 නොවැම්බර් මාසයේ දී සංවිධාන කළ සෞදි අරාබි ව්‍යාපාරික හමුවේ දී කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මේ ගිවිසුම අත්සන් තැබීමට හැකියාව ලැබී තිබේ. මේ සඳහා ද්වි-පාර්ශ්වික සහයෝගිතා ගිවිසුමක් ද ශ්‍රී ලංකා වානිජ මණ්ඩලය සහ සෞදි අරාබි වානිජ මණ්ඩලය එක්ව අත්සන් තබා ඇත.
සෙල්මෝ පුද්ගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ ඇන්ටන් හේමන්ත, සෞදි අපනයන වැඩසටහනේ අධ්‍යක්ෂ ජනරාල් අහමඩ් අල් ගානම් මහත්වරුන් මේ ගිවිසුමට අත්සන් කර ඇත. සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අස්මි තසීම් සහ දෙපාර්ශ්වයේ නියෝජිතවරු මේ අවස්ථාවට සහභාගී වූහ.
සෞදි අපනයන වැඩසටහනේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙ හිදී ප්‍රකාශ කළේ මේ වැඩසටහන ඉදිරියේ දී ෙසෟදි අරාබි එක්සිම් බැංකු වැඩපිළිවෙළට සම්බන්ධ වන බවයි.
ඛනිජ තෙල් නොවන අපනයන නිෂ්පාදන සෞදි අරාබියෙන් වෙනත් රටවලට දිගු කාලීන ණය පහසුකම් යටතේ සපයන සෞදි සංවර්ධන අරමුදලේ ශාඛාවක් ලෙස සෞදි අපනයන වැඩසටහන සලකනු ලැබේ. විශේෂයෙන්ම මේ වැඩසටහන යටතේ සෞදි අරාබියෙන් අපනයනය කරනු ලබන අමුද්‍රව්‍ය භාවිත කිරීමෙන් පෞද්ගලික අංශයේ සමාගම්වලට තමන්ගේ නිෂ්පාදන අඩු පිරිවැයකින් නිපදවීමට ද වෙනත් රටවලට තරගකාරී මිල ගණන් යටතේ සැපයීමට ද අවකාශය සැලසෙයි. රටවල් ගණනාවක් දැනටමත් සෞදි අපනයන වැඩසටහනේ සාමාජිකත්වය දරනු ලැබේ.
මේ වැඩපිළිවෙළ යටතේ ඛනිජ තෙල් නොවන සෞදි නිෂ්පාදන අමුද්‍රව්‍ය වශයෙන් නිෂ්පාදන සඳහා ලබා ගැනීමට ද ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට පහසුකම් සැලසෙයි.


0 Comments