කැබිනට් සංශෝධනය යහපත් ලෙස දකින බවත් තම ඇමැතිධූරය වෙනස් වීම පිළිබඳව කිසිම ගැටලුවක් නොමැති බවත් වාරිමාර්ග හා ජල කළමණාකරන ඇමැති දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කෙළේය.
ඇමැතිවරයා එසේ ප්‍රකාශ කෙළේ ඊයේ(01) කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති කැබිනට් සංශෝධනයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිණි.
මෙම කැබිනට් සංශෝධනය තුළින්ද සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියට ගමන් කිරීම පෙන්නුම් කරන බවද කී ඇමැතිවරයා නව කැබිනට් මණ්ඩලය වත්මන් ආණ්ඩුවේ වෙනස් නොවන කැබිනට් මණ්ඩලයක් විය යුතු බවත් කීය. කැබිනට් මණ්ඩලය එක අරමුණක් ඔස්සේ ජනතාවට සේවය කළ යුතු බවද පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති දුමින්ද දිසානායක මහතා-
කැබිනට් සංශෝධනයක් පිළිබඳව බොහෝ දෙනෙක් බලාගෙන සිටියා. කැබිනට් ඇමැතිවරුන් දිවුරුම් දුන්නා. රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන්ද දිවුරුම් දෙනවා. මෙම දිවුරුම් දීමෙන් පසු අප සියලු දෙනාට එක අරමුණක් ඔස්සේ ජනතාවට සේවය කිරීමට අවස්ථාව ලැබෙනවා.
පසුගිය මැතිවරණයේ සිට ආණ්ඩුවක් පැවැතියාට නැහැ වගේ තමයි පෙනුනේ. දවසින් දවස තත්ත්වයන් වෙනස් වුණා. දවසින් දවස යෝජනා පැමිණියා. මගේ ඇමැති ධුරය වෙනස් වීම පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. අපි තනතුරු බලාගෙන ආව අය නොවෙයි. ඒ නිසා අමාත්‍යාංශ මාරුවීම වෙනස් වීම පිළිබඳව කාටවත් ප්‍රශ්නයක් ඇති වෙන්න බැහැ. කැබිනට් මණ්ඩල නිරන්තරව වෙනස් වෙනවා වෙනුවට වත්මන් ආණ්ඩුවේ වෙනස් නොවන කැබිනට් සංශෝධනය මෙය විය යුතුයි කියන මතයේයි මා සිටින්නේ. නැවත කැබිනට් සංශෝධන කිරීම ඒ තරම් හොඳ දෙයක් නොවන බවයි මා දකින්නෙ. ප්‍රධාන පක්ෂ දෙකක් එකට එකතු වී ආණ්ඩු කරන විට නොයකුත් මත ගැටීම්, ප්‍රශ්න ඇති වෙනවා. මේ වන විට ආණ්ඩුව හොඳ ගමනක් යන බව පෙනෙනවා. අපට තිබූ අමාත්‍යාංශ කීපයක් එක්සත් ජාතික පක්ෂයට ලැබී තිබෙනවා. එක අමාත්‍යාංශයක් අපටත් ලැබී තිබෙනවා.
0 Comments