මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ තීන්දු තීරණ මත කැබිනට් සංශෝධය සිදු වූ බවත් සම්මුතිවාදී ආණ්ඩුවේ ඉදිරිගමන පිළිබඳව නායකයන් දෙදෙනා ප්‍රකාශ කරණු ඇති බවත් නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඇමැතිවරයා එසේ ප්‍රකාශ කෙළේ ඊයේ(1) පෙරවරුවේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ සිදු වූ කැබිනට් සංශෝධනයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසිය.
ඉදිරියේ නැවත කැබිනට් සංශෝධනයක් සිදු වෙයිද කියන ප්රශ්නය මගෙන් ඇසීම අසාධාරණයි. එයට පිළිතුරු ලබාදිය හැක්කේ ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට. කැබිනට් සංශෝධනයේ තෘප්තිය සහ අතෘප්තිය තීරණය වන්නේ මැති ඇමැතිකම් ලැබී ක්‍රියා කරන ආකාරය අනුවයි. ඇමැති මණ්ඩලය ඉදිරියේදී විශිෂ්ඨ අන්දමින් ක්‍රියා කරයි කියා මා විශ්වාස කරනවා. ඇමැතිවරුන් ක්‍රියා කරන අන්දම පිළිබඳව තෘප්තිමත්ද අතෘප්තිමත්ද කියා ඉදිරියේදී ජනතාවගෙන් ඇසිය යුතුයි.
ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ප්‍රකාශ කළ ආකාරයට කැබිනට් සංශෝධන ක්‍රියා වලිය සිදු වුණා. මෙය පූර්ණ හෝ අර්ධ සංශෝධයක්ද යන්න පිළිබඳව විවිධ අයට තර්ක කරන්න පුළුවන්. ඇමැතිවරුන්ට දැන් තිබෙන්නේ රටේ ජනතාවට වැඩ පෙන්වීමයි. ව්‍යවස්ථානුකූලවයි මේ කැබිනට් සංශෝධනය සිදු වුණේ. අද පවතින්නෙ සම්මුතිවාදී ආණ්ඩුවක්. ලබන සතියේ කැබිනට් මණ්ඩලය රැස්වෙනවා.
0 Comments