හර්දික් පාණ්ඩ්‍යා දැක්වූ තුන් ඉරියව් දස්කම් අපතේ යවමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ 31 වැනි තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල හමුවේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ලකුණු 14ක පරාජයක් අත්විය.
මෙවර තරගාවලියේ බැංගලෝර් පිල අත්කරගත් තෙවැනි ජය මෙය වන අතර මුම්බායි පිලට අත්වූ 6වැනි පරාජයයි.
බැංගලෝර්හිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම ලකුණු 167ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය මුම්බායි පිලට ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 153ක් පමණි.
මුම්බායි ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ හර්දික් පාණ්ඩ්‍යා හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමගින් පන්දු 42කින් ලකුණු 50ක් රැස්කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට උත්සහ කළද එය අසාර්ථක විය. ඔහු සිය සොයුරු කෘනාල් පාණ්ඩ්‍ය (23) සමගින් 6 වැනි කඩුල්ලට වේගවත් ලකුණු 56ක් එක් කළේ පන්දු 39ක් පමණක් වැය කරමිනි. ජේ.පී.ඩුමිනි ලකුණු 23ක් ඉනිමට එක් කළේය.
පන්දු යැවීමේදී ටිම් සවුති, මොහොමඩ් සිරාජ් සහ උමේෂ් යාදව් කඩුලු 2 බැගින් දවා ගත්හ. ඕවර 4කදී ලකුණු 25කට කඩුලු 2ක් බිඳ දැමූ සවුති තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.
පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් ඉනිමට වේගවත් ආරම්භයක් ලබාදුන් මානන් වෝරා ලකුණු 45ක් රැස්කළේ හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමගින් පන්දු 31කිනි. බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 25කින් ලකුණු 37ක් හා නායක විරාට් කෝලි පන්දු 26කින් ලකුණු 32ක් ඉනිමට එක්කළ අතර ඉනිම අවසානයේ වේගවත් පිතිහරඹයක නිරතවු කොලින් ඩි ග්‍රැන්ඩ්හෝම් නොදැවී ලකුණු 23ක් රැස්කළේ පන්දු 10කිනි.
පන්දු යැවීමේදී හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 28කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.
බැංගලෝර් - 167/7 (ඕවර 20) මානන් වෝරා 45, බ්‍රෙන්ඩන් මැකලම් 37, විරාට් කෝලි 32, කොලින් ඩීග්රැන්ඩ්හෝම් නොදැවී 23 (හර්දික් පාණ්ඩ්‍යා 28/3)
මුම්බායි - 153/7 (ඕවර 20) හර්දික් පාණ්ඩ්‍යා 50, කෲනාල් පාණ්ඩ්‍යා 23, ජේ.පී.ඩුමිනි 23 (ටිම් සවුති 25/2, මොහොමඞ් සිරාජ් 28/2, උමේෂ් යාදව් 29/2)
0 Comments