ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (2) නිකුත් කළ නවතම විස්සයි20 ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව අබිබවා ඉදිරියට යෑමට ඇෆ්ගනිස්තානය සමත්ව තිබේ.
ඒ අනුව ශ්‍රේණිගත කිරීම්වල ප්‍රසාද ලකුණු 89ක් සමගින් 8 වැනි ස්ථානයේ පසුවු ශ්‍රී ලංකාව ලකුණු 4ක් අඩුවීමෙන් 9 වැනි ස්ථානය දක්වා පහත වැටී ඇති අතර ඇෆ්ගනිස්තානය 9 වැනි (ප්‍ර.ලකුණු 88) ස්ථානයේ සිට 8 වැනි ස්ථානයට පත්ව තිබේ. ඇෆ්ගනිස්තානයට ප්‍රසාද ලකුණක් අඩුවුවද ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටී. ඒ අනුව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව සමගින් බංග්ලාදේශ (10) හා සිම්බාබ්වේ කණ්ඩායම් (12) ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ ඇෆ්ගනිස්තානයට පසුපසිනි.
මේ වසර තුළ විස්සයි20 තරග 6ක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ඉන් තරග 3ක් (බංග්ලාදේශය 2, ඉන්දියාව 1) ජයගත් අතර බංග්ලාදේශය හමුවේ තරග 2කින්ද ඉන්දියාව හමුවේ එක් තරගයක්ද පරාජයට පත්විය.
මේ ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන 7 නොවෙනස්ව පවතින අතර පාකිස්තානය පෙරමුණේ පසුවෙයි. ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවෙයි.
මේ අතර නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය හිමිකර ගැනීමට එංගලන්තය සමත්ව ඇත්තේ ඉන්දියාව දෙවැනි ස්ථානයට ඇද දමමිනි. එහි තෙවැනි ස්ථානය දකුණු අප්‍රිකාවට හිමිව ඇති අතර නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, පාකිස්තානය හා බංග්ලාදේශය පිළිවෙළින් සිවුවැනි ස්ථානයේ සිට 7 වැනි ස්ථානය දක්වා පසුවෙයි. ශ්‍රී ලංකා පිල (77) 8 වැනි ස්ථානයේම පසුවුවද ප්‍රසාද ලකුණු 7ක් අඩුවී තිබේ.
විස්සයි20 නවතම ශ්‍රේණිගත කිරීම්
1.පාකිස්තානය (130)
2.ඔස්ට්‍රේලියාව (126)
3.ඉන්දියාව (123)
4.නවසීලන්තය (116)
5.එංගලන්තය (115)
6.දකුණු අප්‍රිකාව (114)
7.බටහිර ඉන්දීය කොදෙව් (114)
8.ඇෆ්ගනිස්තානය (87)
9.ශ්‍රී ලංකාව (85)
10.බංග්ලාදේශය (75)
0 Comments