වරාය සේවකයින් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට යොමු කිරීමේ අරමුණෙන් දියර කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන අලෙවිසැලක් කොළඹ වරාය පරිශ්‍රයේ දී ඊයේ (15) සේවක අයිතියට පත් කෙරිණි. අන්තර් ජාතික ප්‍රමිතීන්ට අනුකූලව ස්ථාපිත මෙම කිරිහල පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හා එක්ව ස්ථාපිත කර ඇත.
ගිනි සහ රසායන ද්‍රව්‍ය ආශ්‍රිතව සේවය කරන සේවකයින්ගේ ශරීරයේ කැල්සියම් ප්‍රතිශතය ප්‍රශස්ත මට්ටමෙන් පවත්වා ගැනීමට දියර කිරි පානය එම ස්ථානයේ දීම ලබා ගැනීමට හැකි වන පරිදි නිසි නියාමනයනට අනුකූලව මෙය අලෙවි සැල පවත්වාගෙන යයි. කොළඹ ප්‍රදේශයේ ස්ථාපිත වූ 37 වන ගව කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදනඅලෙවි සැල මෙය වේ.
මෙහිදී කතා කළ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති පී.බී.දිසානායක මහතා - ඇමති මහින්ද සමරසිංහ මහතා වරාය ඇමති බවට පත්වීමෙන් පසු සේවකයන් වෙත ලබාදෙන ආහාර වේලෙහි ගුණාත්මක බව ඉහළ නැංවීම මූලිකවම සිදු කළා. වරාය අධිකාරිය නිරන්තරයෙන් සේවක මහත්ම මහත්මීන්ගේ සෞඛ්‍ය සම්පන්න භාවය ඉහළ නංවාලීමට කටයුතු කරනවා. වෑද්දුම් හා බොයිලේරු ආශ්‍රිත සේවයේ යෙදෙන සේවක පිරිසට කිරි වීදුරුවක් ලබාදීම එහිම දිගුවක් යැයි කීය.
මෙම අවස්ථාවට පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති කේ. මුතුවිනයාගම්, නියෝජ්‍ය සභාපති මාතලි ජයසේකර, සාමාන්‍යාධිකාරී උපාලි ජයවර්ධන, අලෙවි කළමණාකාරිණි සාගරිකා ගුණසේකර, ශ්‍රී
ලංකා වරාය අධිකාරියේ ප්‍රධාන කළමණාකරු (සන්නිවේදන හා මහජන සම්බන්ධතා) නලින් අපොන්සු, ප්‍රධාන කළමණාකරු (ආරකෂක) එයාර් කොමදෝරු චන්න ප්‍රේමරත්න, ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු ජේ.ඒ.චන්ද්‍රරත්න මහතා ඇතුළු උසස් නිලධාරීන් හා සේවක මහත්ම මහත්මීහූ රැසක් එක්ව සිටියහ.


0 Comments