මේ රටේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හැරුණුවිට කිසිදු පිරිසිදු බෞද්ධ නායකයකු නොමැති බවත්, තමන් වහන්සේ ඒ පිළිබඳව ඕනෑම අයකුට අභියෝග කරනා බවත්, ඇතැමුන් විසින් හඳුන්වන මේ රටේ බෞද්ධ සලකුණ යැයි බෞද්ධ නායකයින් යැයි හඳුන්වන නායකයින් තරම් පව්කාරයින් තවත් සිටිය නොහැකි බවත් රනිල් වික්‍රමසිංහ මහතා තුළ ඇති ඉවසීම පළිනොගන්නා ගතිය වෙනත් කිසිවකු තුළ නැතැයි කැලණිය හිඹුටුවැල්ගොඩ ශ්‍රී සුදර්ශනාරාමාධිපති පඤ්ඤාලංකාර හිමියෝ පැවසූහ.
මේ රටේ සෑම දේශපාලන නායකයකුම තමනට විරුද්ධව සිටි සෑම අයෙකුම කුණු බක්කියට විසිකළා. මහින්ද රාජපක්ෂ යනු එවන් තත්ත්වයට වැටුණු පුද්ගලයෙකි. රනිල් වික්‍රමසිංහ මහතා හොඳ බෞද්ධයකු නිසා පළිනොගන්නා නායකයෙකි.
රනිල් වික්‍රමසිංහ මහතා මහත්මා ගතිගුණ ඇති නායකයෙකි. එතුමා සොරකු නොවේ. සැබෑ දේශප්‍රේමියෙකි.
උන්වහන්සේ එසේ පවසා සිටියේ කැලණිය ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට අභිනවයෙන් සභාපති ලෙස වැඩ භාරගත් නීතිඥ කස්තුරි අනුරාධනායක මහතා පිළිගැනීමට බැංකු කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කර තිබූ පිළිගැනීමේ උත්සව සභාවකදීය.
එම ප්‍රාදේශීය සංවර්ධන බැංකු පරිශ්‍රයේ පැවැති උත්සවයේදී තවදුරටත් කතා කළ උන්වහන්සේ මෙසේද පැවැසූහ. අප පක්ෂය අගාදයට වැටී තිබූ යුගයේ මෙම නව සභාපති කස්තුරි අනුරාධනායක මහතා ඇතුළු අප සැම රනිල් වික්‍රමසිංහ මහතාට එදා ශක්තිය ලබාදී පක්ෂය ගොඩගැනීමට උපකාර කළා.
අප 2015 වෙනසකට දායක වූයේ කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොතකාය. එදා අප රාජපක්ෂ මහතාට සහාය ලබාදුන්නේ ත්‍රස්තවාදයෙන් රට බේරාගන්නටය. මංකොල්ල කෑමට නොවේ.
අප එදා උරදුන් වෙනස වෙන පැත්තකට ගියා නම් මෙතැන සිටිනා කිසිවකු අද නැත. අප එසේ වෙනසට දායක වූයේ රටේ ජනතාවට නිදහස ලබාදීමටය.
මේ රටේ දේශපාලන පරිත්‍යාග සිදුකළ එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතාය. එතුමා ජනාධිපති අපේක්ෂකත්වයද පරිත්‍යාග කළේ නිර්ලෝභීවමය. අද ජනතාව සිනාසී ජිවත්වෙති. එය වෙනස හේතුවෙනි. අපේ සතුටද එයය. රටට එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් අවශ්‍යය. එය පක්ෂයේ සෑම අයකුම තේරුම්ගත යුතුය.
රනිල් වික්‍රමසිංහ මහතාට දිනන්න නොහැකි යැයි කී අයද පරාජය වී ඇත.
මෙහිදී කතා කළ රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා මෙසේද කීය. මෙම බැංකුවට අභිනවයෙන් පත්ව ඇති නීතිඥ කස්තුරි අනුරාධනායක මහතා පක්ෂයේ දුෂ්කර කාලයේදී ළඟින්ම සිටි උදාරතර මිනිසෙකි. වසර 10 ක කාලයක සිට අප අතර සුහද බැඳීමක් ඇත.
දුෂ්කර කාලයක ධෛර්යය ලබාදෙන කෙනා සැබෑ මිතුරෙකි. අනුරාධනායක මහතා දේශපාලනයට එකතු වන්නේ දේශපාලනය කෙරෙහි ජනතාවගේ මනසේ එතරම් පිළිගැනීමක් නොමැති යුගයකදීය.
දේශපාලනය තුළ නරකක් තිබේනම් එය ඇතිකිරීමට හොඳ මිනිසුන් දේශපාලනයට අවතීර්ණ විය යුතුය. මේ අදහස මට ලබාදුන්නේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයකු වූ අභාවප්‍රාප්ත සෙනරත් කපුකොටුව මහතාය.
මෙහිදී ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ නිලධාරින් කීපදෙනෙකුද නව සභාපති කස්තුරි අනුරාධනායක මහතාද කතා කරන ලදී.
0 Comments