ශාෂන්ක් මනෝහර් ජගත් ක්‍රිකට් කවුන්සලයේ සභාපති ලෙස නැවත වතාවක් නිතරගයෙන් පත්ව සිටී.
මේ අනුව ඔහු වසර 2020 දක්වා තවත් දෙවසරක කාලයක් එම තනතුර හොබවනු ඇත.
සභාපති ධූරය සඳහා ඉදිරිපත්ව සිටි එකම අපේක්ෂකයා මනෝහර් වූ බැවින් ඡන්ද විමසීමක් අවශ්‍ය නොවූ බව ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනයක් මගින් කියා සිටියේය.
ජගත් ක්‍රිකට් කවුන්සලයේ (අයි.සී.සී.) පළමු ස්වාධීන සභාපති වශයෙන් ඒකච්ඡන්දයෙන් තේරී පත්වීම පිණිස මනෝහර් 2016 වසරේදී ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධූරයෙන් ඉවත් විය. හය මාසයකට පසුව ඔහු පෞද්ගලික හේතුන් මත කවුන්සල සභාපති ධූරයෙන් ඉවත් වන බවට පවසා සිටියද තවදුරටත් එම ධූරයේ රැඳී සිටින ලෙසට අයි.සී.සී. මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනෙකුම ඔහුට බල කර සිටියහ.
ඉන්පසුව ඔහු, පළමු වසර අවසානයේ තනතුරෙන් ඉවත් වන බවට කියා සිටියේය. පෙර සඳහන් සාමාජිකයන් ම එම තීරණය වෙනස් කිරීම පිළිබඳව සලකා බලන ලෙසට ඉල්ලා සිටීමෙන් පසුව මනෝහර් මේ වසරේ ජූනි මාසය දක්වා සභාපති තනතුරේ රැඳී සිටීමට තීරණය කළේය.


0 Comments