ලෝක කෘෂිකර්මාන්තයේ සිදු වන වෙනස සහ දියුණුව ශ්‍රී ලංකාවටද එකතු කිරීමට රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
අග්‍රාමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ පෙරේදා(15) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවැති උත්සවයකට සහභාගි වෙමිනි. සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය ලෝක බැංකු ව්‍යාපෘතිය හා එක්ව ක්‍රියාත්මක කරන කෘෂි කාර්මික නවීකරණ ව්‍යාපෘතියේ අයැදුම්කරුවන් සමඟ ගිවිසුම් අස්සන් කිරීම වෙනුවෙන් එම උත්සවය පැවැත්විණ. අදාළ ගිවිසුම් පත්‍ර අග්‍රාමාත්‍යවරයා විසින් අදාළ ව්‍යාපාරිකයන් වෙත ලබාදෙන ලදී. මෙහිදී දයා ගමගේ අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරයාට උපහාර තිලිණයක්ද ලබා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා-
ගම පොහොසත් වු විට රටේ ආර්ථිකය පොහොසත් වෙනවා. ගමේ ආර්ථිකය ශක්තිමත් කරන්න අද දින කෘෂිකර්ම නවීකරන වැඩ සටහනක් දියත් කරනවා. මෙම වැඩ සටහන සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 102ක් අපට ලබා දී තිබෙනවා.
අපේ රටේ ග්‍රාමිය ආර්ථිකය මේ වන විට ප්‍රශ්නයක් බවට පත්වෙලා. තරුණ පිරිස් කෘෂිකර්මයෙන් දුරස්වෙමින් සිටිනවා. කෘෂිකර්මයට අවශ්‍ය ශ්‍රමය නොමැති වූ විට එහි නිෂ්පාදනය අඩුවෙනවා. මෙම තත්ත්වය අප වෙනස් කළ යුතුයි. ඒ සඳහා ලෝකයේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සිදු වන පරිවර්තනයට අපේ රට ද එකතු කරන්න රජය කැපවී ක්‍රියා ක්‍රියා කරනවා. කෘෂිකර්මය නවීකරණය කිරීමේ වැඩ සටහන ලෝක බැංකුව සමඟ එකතු වී ඉදිරියට ගෙන යනවා.
ඇමරිකාව, චීනය, තායිලන්තය, මැලේසියාව අද කෘෂිකර්ම නවීකරණයේ යෙදෙනවා. කෘෂිකර්මය නවීකරණයෙන් කෘෂි නිෂ්පාදනය වැඩිවෙනවා. නිෂ්පාදන මිල අඩු වෙනවා. අගය වැඩි කරනවා. කෘෂි ආර්ථිකය ආරක්ෂා වෙනවා. කෘෂිකර්මයේ යෙදෙන සංඛ්‍යාව අඩු වූවාට කෘෂිකර්මයේ වටිනාකම ආරක්ෂා කරනවා. දකුණු ආසියාවේ තවම මේ තත්ත්වය ඇති වී නැහැ.
අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න අතරේ රටේ ජනතාවගේ ආදායම් වැඩි කරන වැඩසටහනේ එක් අංගයක් තමයි කෘෂිකර්මය ආරක්ෂා කිරීම සහ දියුණු කිරීම. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ, ධීවර ක්ෂේත්‍රයේ ලැබෙන ආදායම වැඩි කරන්න මෙවැනි නවීකරණ වැඩ සටහන් ඉවහල් වෙනවා. මෙවැනි වැඩ සටහන් ක්‍රියාත්මක වූ විට, බැංකුවලින් ණය ලබා දීමේ ක්‍රම ඇති වූ විට කෘෂි නිෂ්පාදනය වැඩි වී ග්‍රාමිය අංශයේ ආදායම සහ කෘෂි අංශයේ ආදායම වැඩි වෙනවා. ඒකයි අපේ අරමුණ.
රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. අප වර්තමානයේ වැඩ කටයුතු කරන්නෙ එම පරමාර්ථයෙන්. එහි ප්‍රතිඵලයක් ලෙස අද ලංකාවේ අපනයනය රටේ විදේශ ආයෝජන වැඩිවෙලා තිබෙනවා. ඉතිහාසයේ වැඩියෙන්ම අපනයන ආදායම සහ වැඩියෙන්ම විදේශ ආයෝජන ලැබුණේ පසුගිය වර්ෂයේයි. මේ තත්ත්වය පිළිබඳව අප සෑහීමකට පත්වන්නෙ නැහැ. තව තවත් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි. 2015 ආණ්ඩුව භාරගත් අවස්ථාවේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන්ද කියා බොහෝ දෙනෙක් ප්‍රශ්න කළා. එදා ලබාගෙන තිබූ ණය ප්‍රමාණයෙහි පොලිය ගෙවන්නවත් ආදායම ප්‍රමාණවත් නැහැ. අද වන විට එම ණය ගෙවීමට සහ පොලිය ගෙවීමට ශක්ති අපට ශක්තියක් ඇතිවී තිබෙනවා. ඊළඟ අවුරුදු කීපයේදී රටේ ණය බර අඩු කරමින් නිෂ්පාදනය වැඩි කරන්නයි අප බලාපොරොත්තු වන්නෙ. දැනට ණය වශයෙන් එක වසරකට ඩොලර් මිලියන 2500ක් පමණ ගෙවීමට අපට සිදු වී තිබෙනවා.
කුමන ආර්ථික ප්‍රශ්න පැවැතියත් රටේ අපනයනය වැඩි කරන්න, ආයෝජනය වැඩි කරන්න රජයට හැකිවී තිබෙනවා. අපනයනය වැඩි කිරීමෙන්, ආයෝජනය වැඩි කිරීමෙන් රැකියා ප්‍රමාණය වැඩි වෙනවා. කර්මාන්ත කරණය නාගරික අංශයට පමණක් සීමා කළොත්, සේවා අංශ පමණක් එහි දියුණු කළහොත් ගම්බදව සිටින තරුණ පිරිස් නගරයට පැමිණෙනවා. ඒ නිසා ගමේ ආර්ථිකය අප දියුණු කළ යුතුයි. එහි එක් පියවරක් තමා කෘෂිකර්මයේ අගය වැඩි කිරීමේ වැඩ සටහන. අනෙක් පියවර තමයි ඉඩම් ඔප්පු නැති අයට ඔප්පු ලබාදීම. මෙවිට ගමේ ජනතාවට අයිතියක් ලැබෙමින් ආදායමත් වැඩි වෙනවා. මේ ආකාරයට ගමේ ආර්ථිකය ශක්තිමත් කරමින් තමා අප ඉදිරියට යන්නෙ.
අපට අවුරුදු එක හමාරක් දෙකක් අමාරුවෙන් ගමන් කිරීමට සිදු වුණා. අපගේ කෘෂිකර්මය පසුගිය වකවානුවේ ගංවතුරට සහ නියගයට මුහුණ දුන්නා. ඒත් අපේ ආර්ථිකය කඩා වැටුණේ නැහැ. ආර්ථිකය ඉදිරියට ගෙන යන්න හැකි වුණා. අපේ බලාපොරොත්තුව එම ශක්තිය තවත් වැඩි කිරීමයි.
මෙම අමාත්‍යාංශය කෘෂිකර්මයට සම්බන්ධ වුවත් එය නම් කළේ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය ලෙසයි. එමගින් කෘෂි භෝගවල අගය වැඩි කරනවා. මෙවැනි වගකීමක් භාරගැනීමට කෘෂි කර්මය හා කර්මාන්ත පිළිබඳව දැනීමක් තිබෙන්න ඕනෙ. අගය වැඩි කිරීම පිළිබඳව දැන ගත යුතුයි. ඒ සඳහා අප දයා ගමගේ ඇමැතිතුමා තෝරා ගත්තා. ඉදිකිරීම් සහ ඇඟලුම් අංශයේ යෙදුණා සේ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයෙන් රට වෙනුවෙන් එතුමාට දැන් සේවය කළ හැකියි. ඊළඟ අවුරුදු කීපයේ රටේ විශාල වෙනසක් ඇති වෙනවා. අපේ විදේශ විනිමය දෙගුණයක්, තුන් ගුණයක් කළ යුතුයි. අපනයන ආදායම දැනට තිබෙන තත්ත්වයට වඩා දෙගුණයක්, තුන් ගුණයක් කළ යුතුයි. එවිට රටේ දුප්පත් කම නැති කර ශක්තිමත් ආර්ථිකයක් අප ඇති කළ හැකියි. මෙම තත්ත්වය ඇති කිරීම සඳහා දයා ගමගේ ඇමැතිතුමා සහ එතුමාගේ අමාත්‍යාංශය කරන සේවය මා අඟය කරනවා.
සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා -
මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා විශාල සහයෝගයක් ලබා දුන්නා. ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයෙන් රටට දැනෙන යමක් මේ වන විට සිදු වෙමින් තිබෙනවා. වත්මන් රජය දරිද්‍රතාවය අවම කිරීම සඳහා විශාල වැඩකොටසක් සිදු කරනවා. ඒ සඳහා විශාල මුදලක් වැය කරනවා. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා සහ අප රැකියා දසලක්ෂයක් ලබා දෙන බවට ජනතාවට පොරොන්දු වුණා. බොහෝ දෙනා අද බලාපොරොත්තු වෙන්නේ රජයේ රැකියා. නමුත් රජයේ රැකියා හැමෝටම දීමේ හැකියාවක් නැහැ. පුද්ගලික රැකියා හිමිකරුවන්ට විශාල ලෙස රැකියා උත්පාදනය කළ හැකියි. 2025 වන විට රාජපක්ෂ ආණ්ඩුව ගත් ණය සම්පූර්ණයෙන් ගෙවා දැමීමට අප බලාපොරොත්තු වෙනවා.
කාන්තාවන් දසලක්ෂයක ආර්ථිකය ශක්තිමත් කිරීමට අප කටයුතු කරනවා. වගාවන් සඳහා පැළ නොමිලයේ ලබා දෙනවා. ගිය වසරේ අප පැළ ලක්ෂ දෙසිය පනහක් බෙදා දුන්නා. මගේ ඉලක්කය පැළ කෝටි දහයක් රෝපණය කිරීමයි. අප බලාපොරොත්තු වෙනවා සෑම ගම්මාන පහකටම අපනයන කෘෂි ගම්මානයක් ඇති කිරීමට. ඒ වගේම අපනයන ආදායම වැඩි කර ගත හැක්කේ අගය දාමය වැඩි කිරීමෙන්. අප කුරුඳු වලින් පමණක් බලාපොරොත්තු වෙනවා ඩොලර් මිලියන දහසක අපනයන ආදායමක්.
මට අවශ්‍ය කරනවා අපේ කුළු බඩුවලින් තේ වලින් ලැබෙන ආදායමට වඩා වැඩි ආදායමක් ලබාගැනීමට. අපගේ විශ්ව විද්‍යාල දරුවන් කුළු බඩු උපයෝගී කරගෙන ආහාර වලට යෙදීම සඳහා නව නිපැයුම් සිදු කරනවා. කුළු බඩු අපනයනය කරන රටවල් සංඛ්‍යාව වැඩි කිරීමටද අප බලාපොරොත්තු වෙනවා. ඉස්සො වගාකරුවන් දිරිමත් කර ඩොලර් මිලියන තුන්සියයක හාරසියයක අපනයන ආදායමක් ලබාගැනීමට අපේ ඉලක්කයක්. නවීන තාක්ෂණය වී වගාව සඳහා යොදා ගත යුතුයි. වත්මන් රජය පුද්ගලික ව්‍යවසායකයින්ට විශාල සහයෝගයක් ලබා දෙනවා. මේ නිසා අපට රැකියා දසලක්ෂයක් නොවේ රැකියා පහළොස් ලක්ෂයක් බිහි කළ හැකියි. අපගේ අපනයන ආදායමද දැනට තිබෙන ප්‍රමාණයට වඩා වැඩි කර ගැනීමට අප කටයුතු කරමු
මෙම අවස්ථාවට සහභාගිවෙමින් සමාජ සුබසාධන හා ප්‍රාථමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු බන්දුල වික්‍රමාරච්චි ලෝක බැංකු දේශීය නියෝජිත අධ්‍යක්ෂිකා අයිඩා පස්වෙයි රිඩ්දිහූව් මහත්මිය ඇතුළු නිලධාරීහු රැසක් අදහස් දැක්වූහ.
උපාලි කරුණාරත්න සහ සඳුන් රමේෂ්
ඡායාරූප- හිරන්ත ගුණතිලක


0 Comments