විජයානි එදිරිසිංහ, රක්ෂණ ශ්‍රියන්ත සහ අනුර ප්‍රේමලාල්
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරින් ඊයේ(2) දින දැයෙන් සමුගන්නා ශෝකජනක දිනයේදී එතුමන් විසින් සිය කළා ලෝකයේ සිදුකරන ලද දක්ෂ නිර්මාණ අතර ගම්පෙරළිය චිත්‍රපටය වෙනුවෙන් නවදිල්ලි ප්‍රථම සිනමා උළෙලේදී ප්‍රථම සම්මානය ලෙස එතුමාට හිමි වූ රණමයුර සම්මානය අතුරුදන්වී ඇති බව වාර්තා විය.
එම සම්මානය අතුරුදන්වීම සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසියට ඊයේ පස්වරු වන විටත් පැමිණිල්ලක් ලැබී නොතිබුණි. කෙසේ වෙතත් ඊයේ දින ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ගේ අවසන් කටයුතු සිදු වන අවස්ථාවට සහභාගි වී සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුගෙන් මේ පිළිබඳ විමසු විට ඔහු පවසා සිටියේ එම සම්මානය අතුරුදන් වී ඇති බවට ආරංචියක් ඇතත් ඒ පිළිබඳ පොලිසියට පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා පදිංචිව සිටි තිඹිරිගස්යාය නිවසේ එම රණමයුර සම්මානය තිබී ඇත. අවමගුල් අවස්ථාවට පැමිණි අයකු විසින් එම සම්මානය සොරකම් කළාද නැතහොත් වෙනත් අයකු විසින් එම සම්මානය ආරක්ෂිතව රැගෙන තැබුවාද යන්න හෙළි වී නොමැත.
මෙම නිවස පිහිටි ප්‍රදේශයට අයත් බම්බලපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන්ද මේ පිළිබඳ විමසු අතර ඒ මහතා ද කියා සිටියේ ඒ සම්බන්ධව පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.
0 Comments