Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොහොර උපරිම මිල සඳහන් ගැසට් පත්‍රයක් වහාම

Author(s): 
මානෙල් පුෂ්ප කුමාරි

පොහොර අලෙවි කළ හැකි උපරිම මිල සඳහන් කර ගැසට් පත්‍රයක් වහාම ප්‍රකාශයට පත් කරන ලෙස කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

රජයට අයත් කොමර්ෂල් පොහොර සමාගමේ සහ ලක්පොහොර සමාගමේ ඊයේ (18) පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අමාත්‍යවරයා මේ වන විට එම සමාගම විසින් පොහොර බෙදාහැරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව විමසීමට ලක් කළේ ය.

ඒ අනුව මේ වන විට කොමර්ෂල් පොහොර සමාගම සතුව යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25,841 ක්, TSP පොහොර මෙට්‍රික් ටොන් 2,96,350 ක්, MOP පොහොර මෙට්‍රික් ටොන් 7,54,000 ක් වශයෙන් ගබඩා කර තිබෙන අතර ප්‍රාදේශීය ගබඩා සතුව පොහොර මෙට්‍රික් ටොන් 14,250 ක පොහොර තොග තිබෙන බව එම සමාගමේ කළමනාකාරිත්වය අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

මේ හැර ඊයේ (18) දින තවත් පොහොර මෙට්‍රික් ටොන් 996 ක් ද, මේ මස 22 වන දින තවත් පොහොර මෙට්‍රික් ටොන් 742 ක් ද, 27 වන දින තවත් පොහොර මෙට්‍රික් ටොන් 4,637 ක් පමණ ද,මැයි මාසය අවසන් වන විට තවත් පොහොර මෙට්‍රික් ටොන් 3,950 ක් සහ ලබන ජුනි 15 වන දින පොහොර මෙට්‍රික් ටොන් 5,800 ක් ද ලැබීමට නියමිත ය.

මෙවර යල කන්නය සඳහා කොමර්ෂල් පොහොර සමාගම මඟින් ආනයනය කරන ලද පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 22,125 කි. ඒ අනුව හිඟයකින් තොරව පොහොර ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා කළමනාකාරිත්වයට දැනුම් දුන්නේ ය.

මීට අමතරව පොහොර මිශ්‍ර කර අලෙවි කිරීමේ කටයුතු සඳහා ද කොමර්ෂල් පොහොර සමාගම සහ ලක් පොහොර සමාගම කටයුතු කළ යුතු අතර ඊට අවශ්‍ය පහසුකම් ලබාදීමට පියවර ගන්නා බව ද අවධාරණය කළේ ය.

හිතුමතේ විවිධ මිල ගණන් යටතේ පොහොර අලෙවි කිරීමට කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීම් මෙහෙයවන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දී ඇති බවත්, ඒ නිසා වැඩි මිලට පොහොර අලෙවි කරන්නන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් අමාත්‍යවරයා එම සමාගම් වලට උපදෙස් දුන්නේ ය.

මෙම අවස්ථාවට පොහොර සමාගමේ සභාපති ජගත් පෙරේරා මහතාත්, ලංකා පෙහොර සමාගමේ සභාපති අමරනාත් අබේගුණසේකර මහතාත් සහභාගී වී සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();