දේශිය ඉදිකිරීම් ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට රජය කටයුතු කර ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
අධිවේගී මාර්ග ඉදි කිරීමට පවා දේශිය ආයතන ඉදිරිපත් වී ඇති බවත් ජාත්‍යන්තරය ප්‍රමිතිය සපුරාලූ ඉදිකිරීම් ආයතන ගණනාවක් ලංකවේ තිබෙන බවත් වික්‍රමසිංහ මහතා කීය.
බණ්ඩානායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ‘කන්ස්ට්‍රක්ෂන් 2018‘ ප්‍රදර්ශනය ඊයේ (18) විවෘත කරමින් එසේ කී අගමැතිවරයා දේශිය ඉදිකිරිම් ආයතන ඉදිරියට යාමට අදාළ පහසුකම් සැපයීමට කටයුතු කරන බවද පැවසීය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා
මධ්‍යම අධිවේගී මාර්ගයේ සකස් කිරීමට යන විට දෙවන අදියර සකස් කරන කොන්ත්‍රත්කරුවන් හමුවීමට මට අවස්ථාව ලැබුණා. ඒ ගැන මට ආඩම්බරයි. ලංකාවේ ඉදිකිරීම් සමාගම් ජාත්‍යන්තර අධිවේගී මාර්ගයක් සකස් කිරිමට ඉදිරිපත් වීමට හැකියාව තිබෙනවා. ඔවුන් ඒ කාර්ය භාරය අරගෙන කරගෙන යමින් තිබෙනවා. දෙවන අදියර කලට වේලාවට අවසන් වේවි කියා අපි බලාපොරොත්තු වෙනවා. අවුරු ගණනාවක් විදේශ ඉදිකිරීම් සමාගම් සම වැඩ කළ අපට අද ශක්තිය තිටබෙනවා දේශිය සමාගම් සම ඉදිරියාමට හැකියාව තිබෙනවා
ඒ සදහා පහසුකම් අප ලබාදෙනවා. අධිවේගී මාර්ග පමණක් නොවෙයි ආර්ථිකය දියුණු වීමට තවත් ඉදිකිරිම් සිදු වෙනවා. යටිතල පහසුකම්, පෞද්ගලික අංශයේ ඉදිකිරිම් වැඩවෙමින් තිබෙනවා. ඒ ඒ ව්‍යාපාර දියුණු වෙන්න පුද්ගලික අංශයේ ඉදිකිරීම් ඉදිරි දශකයේදී මීට වඩා වැඩිවේගයෙන් දියුණු වේවි. ඉදිකිරීමේ කර්මාන්තයේ වැඩි ප්‍රගතියක් පුද්ගලික අංශවලින් ලබාදෙනවා. පුද්ගලික අංශයේ වගේම රජයේ අංශ ඉදිකිරීම් වැඩි කරනවා. ප්‍රේමදාස ජනාධිපතිවරයා කරගෙන ගිය ග්‍රාමීය නිවාස ව්‍යාපෘති නගාසිටුවීමට අප කටයුතු කරගෙන යනවා. අද ලංකාවේ නිවාස අවශ්‍යතාව ගමට පමණක් සීමා වී නැහැ. උතුරෙත් තිබෙනවා. නගරයෙත් නිවාස අවශ්‍යතා තිබෙනවා. නාගරීකරණය හා අර්ධනාගරීකරණය ශීඝ්‍රයෙන් සිදු වෙනවා.
නාගරික නිවාසවලට ප්‍රමුඛත්වයක් ලබාදෙන්න අප කටයුතු කරනවා. මේ මහ නගරය තුළ මධ්‍ය අදායම්ලාභීන් පදිංචියට අවස්ථාව ලබාදෙනවා. රජයේ මුදල්වලට අමතරව ආසියානු සංවර්ධන බැංකුව මඟින් ඩොලර් මිලියන 200ක් මේ සඳහා ලබාදීමට නියමිතයි. උතුරේ නිවාස ඉදිකිරීමට අප කටයුතු කරනවා. එම වැඩකටයුතු ඉදිරියට ඇවිත් තිබෙනවා. යුද්ධය අවසන් වී වසර 10ක් ගත වෙන්න ඇවිත් තිබෙනවා. ඒ නිස ඒ ජනතාවට නිවාස ලබාදිය යුතුයි. වතුකරයේ ජනතාවට නිවාස ලබාදිය යුතුයි. මෝඩි අගමැතිතුමා පැමිණි වේලාවේ ඒ වෙනුවෙන් මුදල් ලබාදීමට කටයුතු කරන බව කිව්වා. ඒ නිසා අපි නිවාස හදා ගැනීමටඉඩම් ලබාගැනීමට කටයුතු කරනවා. ජාතික ඉතිරි කිරීමේ බැංකුව මඟින් නිවාස ඉදිකිරිමට ණය ලබාදීමට කටයුතු කරනවා. විශාල නාගරික කරණයක් සිදු කර නිවාස ප්‍රශ්නය විසඳීමට කටයුතු කරනවා. අද කර්මාන්ත දියුණු වෙන්න විශාල මිනිස් බලය අවශ්‍යයි. එයත් අපේ තරුණ තරුණියන්ගේ දායකත්වය ලබාගත යුතුයි.
අද විශේෂ දවසක්. ත්‍රස්තවාදය පරාජය කරලා සාමය ස්ථාපිත කළ දිනයක්. සාමය ස්ථාපිත කරන්න කැපවුණු සියලු දෙනා මතක් කළ යුතුයි. ත්‍රස්තවාදය ආරම්භ කළ දවසෙ ඉදන් අහිංසක ජනතාව මිය ගියා ඔවුන්වත් අප සිහිපත් කළ යුතුයි.
නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා
ඉදිකිරීම් ප්‍රදර්ශනය ක්‍රියාත්මක වන දවස ඓතිහාසික දවසක්. තිස් වසරක කුරිරු යුද්ධය අවසන් කිරිමට හැකි වුණ දිනයයි. සියලු දෙනාගේ කැපවීම රණවිරුවන්ගේ අධිෂ්ඨානය කැපවීම දිවි පරදුවට තබලා තමයි අපි මේ ජයග්‍රහණය ලබාගත්තේ. විරෝදාර රණවිරුවන් හා සෙන්පතිවරුන් තමන්ගේ ඇස් ඉස් මස් ලේ දන්දුන්නා. එම රණවිරුවන් සදාකල් අමරණීයයි. රණවිරු පවුල්වල වගකීම අප භාරගන්නවා පමණක් නොවෙයි සුබසාධනය සිදු කරනවා. ඔවුන්ට නිවාස ලබාදීම සිදු කරනවා. යහපාලන රජය යටතේ සෑම රණවිරුවකුගේ අනාගතය සුරක්ෂිත කරනවා.
මෙම ඉදිකිරිම් ප්‍රදර්ශනය 18,19 හා 20 තෙදින තුළ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී දවස පුරා පැවැත්වේ.
මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප හිරන්ත ගුණතිලක


0 Comments