මේ රටේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරිමට තමන්ට වගකීමක් ඇති බව එය මග හරින්නට බැරි බවත් ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා ඇමැති මනෝ ගනේෂන් මහතා පවසයි. මේ රටේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබා දීමට නම් ඇති බාධාව භාෂා ප්‍රශ්නය බවත් ඇමැතිවරයා කියා සිටියේය.
මේ රටේ ජීවත්වන ජනයා අතර මිලියන 5ක් දෙමළ භාෂාව කතා කරන ජනතාවත් මිලියන 15ක් සිංහල භාෂාව කතා කරන ජනතාව නිළ වශයෙන් සිටින බවත් ඇමැතිවරයා කියා සිටි.
ඇමැතිවරයා මේ බව කියා සිටියේ අමාත්‍යාංශයේ දී වෘත්තිය සමිති නිලධාරින් පිරිසක් ඇමැතිවරයා හමුවීමෙන් පසු පැවැති සාකච්ඡාවකට එක් වෙමිණි. මෙහි දී දෙවන භාෂා පාඨමාලා අවසන් නොකළ අයට වැටුප් වර්ධක ලබා නොදීම සම්බන්ධයෙන් ද සාකච්ඡා විය.
රාජ්‍ය සේවයට ඇතුළත් වීමේ දී යම් අයෙක් සිංහල මෙන්ම දෙමළ භාෂාවද කතා කිරිමට හැකියාව තිබිය යුතු බවටද සාකච්ඡා විය. සේවා ආරම්භක පුහුණු පාඨමාලාවට පැමිණෙන විටම මේ පාඨමාලා සිදු කිරීම සුදුසු බව එහිදි අවධාරණය කෙරිණි. එම අවස්ථාවට එක් වෙමින් ඇමැතිවරයා මෙසේද කියා සිටියේය.
මේ රටේ දේශපාලන වශයෙන් විසඳුමක් ලබා දෙන්න කියලා අපි අලුත් ව්‍යවස්ථාවක් හදනවා. තියෙන ව්‍යවස්ථාව තියෙන කරුණූත් ක්‍රියාත්මක කරන්න අපි උත්සාහ කරනවා. මේ යාන්ත්‍රණෙ කමිටුවට මමත් ඉන්නවා. මම දන්නවා එළියේ පෙන්නන තරමට දෙයක් වෙන්නේ නැහැ. බොරුවක් කරන්නේ. ජාතික ප්‍රශ්නයට විසඳුමක් දීමට ඇති ප්‍රධාන ප්‍රශ්නය භාෂා ප්‍රශ්නයයි. ජාතික ප්‍රශ්නයට බලය බෙදීම හරහා නැත්නම් ව්‍යවස්ථානුකූලව තින්දුවක් නැහැ, භාෂා ප්‍රශ්නය හරහාත් විසඳුමක් නැහැ කියලා කිව්වානම් විශාල අර්බුදයක් ඇති වෙනවා මේවා ගැන හිතලා වැඩ කරන්න ඕන. මම නම් එහෙම් කරන්නේ නැහැ. මට වගකීම් තියෙනවා.
මම භාර ගත්තාට පසුව චක්‍ර ලේඛනයක් තිබුණා රාජ්‍ය නිලධාරින් දෙවන භාෂාව අධ්‍යාපනය ලබන්න ඕන. රැකියා ලබන්න ඕන නම් කියලා කිව්වට, නීති තිබුණට ඒක එහෙම වෙන්නේ නැහැ. දැන දැන බොරුවක් කරන්න මට බැහැ. දෙවන භාෂාව ඉගෙන ගන්න එක වදයක් වෙලා තියෙන්නේ. වදයක් කියලා හිතන විට බලහත්කාරයෙන් භාෂාව පිළිබඳ අවබෝධය ලබා දෙන්න බැහැ. මේ සඳහා කැබිනට් පත්‍රිකාවක් දාලා විසඳුමක් ලබන්න උත්සාහ කරන්න ඕන. මේ පත්‍රිකාව දාලා මේ සම්බන්ධව මම කැබිනට් එකේත් පාර්ලිමේන්තුවේත් කතා කරනවා. මම පාර්ලිමේන්තුව තුළත් මෙයට පිළිතුරක් ගන්න උත්සාහ කරනවා. පාර්ලිමේන්තුවෙන් පිට සිදු කරන දේවල්වල දී ඔබ සියලු දෙනා මා සමඟ ඉන්න ඕන කියලා මම ඉල්ලීමක් කරනවා.
මේ අවස්ථාවට අමාත්‍යාංශ ලේකම්වරුන් මෙන්ම රාජ්‍ය නිලධාරින් සහභාගී වී සිටිය අතර වෘත්තිය සමිති නියෝජනය කරමින් ලංකා ගුරු සංගමය, සමස්ත ලංකා රාජ්‍ය කළමණාකාරන සහකාර සේවා සංගමය සේවා වෘත්තිය සමිති සන්ධානය, ස්වාධීන අධ්‍යාපනඥයන්ගේ සංගමය, ශ්‍රී ලකා තැපැල් සේවා සංගමය, වාර්මාර්ග සේවා සංගමය, බන්ධනාගාර සේවා සංගමය ඇතුළු වෘත්තිය සමිති ගණනාවක් මේ සාකච්ඡාවට එක් විය.
සුභාෂිණී සේනානායක සහ නිමල් රාජපක්ෂ


0 Comments