ත්‍රස්තවාදය පරදා ලක්වාසී සියලු ජනතාවට නිදහස් නිවහල් රාජ්‍යයක් උදාකර දීමට දිවි හිමියෙන් සටන් වැදුණු වීරෝදාර රණවිරුවන් සමරා වාර්ෂිකව පැවැත්වෙන රණවිරු සැමරුම මෙවර ද අභිමානවත්ව පැවැත්වෙන අතර, ඒ වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහන් කිහිපයක් අද (19) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
ජාතික රණවිරු සැමරුම් දින ප්‍රධාන උත්සවය අද ප.ව 2.00 ට බත්තරමුල්ල, පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියස දී අභිමානවත්ව පැවැත්වෙන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.
ඒ හා සමගාමීව මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් සිහිපත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධාන කරන ආලෝක පූජාව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට ප.ව 6.00 ට ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයේ දී පැවැත්වේ.
එමෙන්ම ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 50 දෙනකුට විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් පිරිනැමීම අද (19) පෙ.ව 9.00 ට ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
මාතෘ භූමියේ විජයග්‍රහණය වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කළ විරෝදාර රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් ජනාධිපතිවරයාගේ මඟපෙන්වීම යටතේ වත්මන් රජය පසුගිය වසර 03 තුළ සුවිශේෂී වැඩ කොටසක් ඉටු කරනු ලැබීය.
එම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් විරෝදාර රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් ඉටුකළ හැකි සෑම වගකීමක්ම ඉටු කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.


0 Comments