Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දෙව් මැඳුරු සංවර්ධනයට සහ බයිබල් දූත සේවා මධ්‍යස්ථානයට රුපියල් ලක්ෂ 96ක්

Author(s): 
උදුලා පීරිස්

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති ක්‍රිස්තියානි ආගමික දෙපාර්තමේන්තුව මඟින් ත්‍රීකුණාමලය, ගාල්ල, රත්නපුර, අනුරාධපුරය, හලාවත, කොළඹ, යාපනය යන පදවි වලට අයත් දෙව් මැඳුරු සංවර්ධනය සඳහා සහ ජාතික ධර්මෝපදේශ බයිබල් දූත සේවා මධ්‍යස්ථානය සඳහා රුපියල් අනූ හය ලක්ෂයක් ( 9600000) ප්‍රදානය කරන ලදි.

ඒ අනුව ත්‍රිකුණාමලය පදවියේ දේවස්ථාන 4ක් සඳහා රුපියල් 1960000ක්ද ගාල්ල පදවියේ බලපිටිය පදවියේ නිර්දෝෂ දේව මාතා දේවස්ථානය සඳහා රුපියල් 200000ක්ද රත්නපුර පදවියේ දේවස්ථාන 2ක් සඳහා රුපියල් 1200000ක්ද රඹුක්කන ශාන්ත ඇලෝසියස් දේවස්ථානය සඳහා රුපියල් 1000000ක්ද අනුරාධපුර පදවියේ පොලොන්නරුව නිර්මලී දේවස්ථානය සඳහා රුපියල් 300000ක්ද හලාවත පදවියේ දේවස්ථාන 2ක් සඳහා රුපියල් 350000ක්ද යාපනය රදගුරු මැදුර සඳහා රුපියල් 1000000ක්ද හලාවත කල්පිටිය දේවස්ථානය සඳහා රුපියල් 1000000ක්ද කොළඹ පදවිය ශාන්ත මරියා දේවස්ථානය සඳහා රුපියල් 1000000ක්ද ජාතික ධර්මෝපදේශ හා බයිබල් දූත සේවා මධ්‍යස්ථානය සඳහා රුපියල් 750000ක්ද වශයෙන් මෙම ආධාර මුදල් ලබාදී තිබේ.

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා විසින් හලාවත පදවිය වෙනුවෙන් එම පදවියේ කල්පිටිය සිංද්‍රාන්ත්‍රි දේව මාතා දෙව් මැදුරේ පාලක පියතුමාට අදාළ චෙක්පත් පත කොළඹ සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයේදී බාරදෙන අයුරු. ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.ආර්. ගුණවර්ධන, සංචාරක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චමිල ගමගේ මහතා ඇතුළු පියවරු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();