Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වලාකුළුවලින් වර්ෂාව ලබා ගැනීමේ තාක්ෂණ වාර්තාව අගමැතිට

Author(s): 
උපාලි කරුණාරත්න

වලාකුළුවලින් වර්ෂාව ලබා ගැනීමේ තාක්ෂණය ඇතුළත් වාර්තාවක් ඇමැති දයා ගමගේ මහතා සහ චීන දූත පිරිසක් විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන ලදී. එම වාර්තාව අග්‍රාමාත්‍යවරයාට ලබා දුන්නේ ඊයේ(15) සමාජ සුභ සාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය ලෝක බැංකු ව්‍යාපෘතිය හා එක්ව ක්‍රියාත්මක කරන කෘෂිකාර්මික නවීකරණ ව්‍යාපෘතියේ ප්‍රදාන අනුමත අයදුම්කරුවන් සමඟ ගිවිසිසුම් අත්සන් කිරීම වෙනුවෙන් පැවැති උත්සවයේදීය. මෙය බත්තරමුල්ල වෝටර් ඒජ්හිදී පැවැත්විණ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වන දයා ගමගේ ඇමැතිවරයා-

වළාකුලු වළින් වර්ෂාව ලබා ගැනීමේ චීන තාක්ෂණ ආයතනයේ නියෝජිත පිරිසක් අද මෙම ස්ථානයේ සිටිනවා. ඔවුන් අධිකාත්ෂණය භාවිතා කර වැස්ස ලබා ගන්නවා. ඒක තමයි වළාකුලු වැස්ස බවට පරිවර්තනය කරන තාක්ෂණය. මම එම දූත පිරිස නුවර, නුවරඑළිය, කොත්මලේ, අම්පාර ආදී සෑම ස්ථානයකටම රැගෙන ගියා. ඔවුන්ට වාර්තාවක් දෙන්න කීවා. වැහි වළාකුලු තිබුණාට බොහෝ අවස්ථාවල අපට වැස්ස නැහැ. මෙය සාර්ථක වුවහොත් නියගයට පිළිතුරු ලබා ගන්න පුලුවන්. ගංවතුරටත් පිළිතුරු ලබාගත හැකියි.

ආණ්ඩුව ඇතුලෙම සිටිනවා ආණ්ඩුවේ ගමන නවැත්වීමට කකුලෙන් අදින උදවිය. රටක් ලෙස අපේ දරුවන්ගෙ අනාගතය සුරක්ෂිත කරන්න අප කටයුතු කළ යුතුයි. කුලු බඩු වළින් වැඩි ආධායමක් ලබා ගැනීම අපේ ඉලක්කයක්. ගොවියා පොහොසතෙකු බවට පත්කළ යුතුයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();